Image Not Found

The Highwaymen (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි

මේක 1930 ගණන්වල ඇමරිකාවේ සිද්ධියක්. ඒ කාලේ රටම භීතියට පත් කරපු, ඒත් මිනිස්සු වීරයෝ වගේ දැකපු, ප්‍රසිද්ධ අපරාධකාරයෝ දෙන්නෙක් හිටියා – බොනී සහ ක්ලයිඩ් (Bonnie and Clyde). හැමෝම එයාලගේ පිස්සු වීරකම් ගැන කතා කළා, හැම තැනම බැංකු කොල්ල කෑවා, පොලිසියට වෙඩි තියලා පැනලා ගියා. ෆෙඩරල් පොලිසියටවත් එයාලව අල්ලගන්න බැරිව අසරණ වෙලා හිටියේ.

ඉතින්… දැන් කතාවට එනවා ෆ්‍රෑන්ක් හේමර් සහ මේනි ගෝල්ට් කියලා මහළු ටෙක්සාස් රේන්ජර්වරු දෙන්නෙක්. මෙයාලා දෙන්නම විශ්‍රාම ගිහින් හිටියේ.

ආණ්ඩුවට සිද්ධ වෙනවා වෙන කරන්න දෙයක් නැති තැන, මේ අත්දැකීම් බහුල, පරණ තාලේ රේන්ජර්වරු දෙන්නාට මේ වැඩේ බාර දෙන්න. මේ දෙන්නා පොලිස් බලතල, අලුත් තාක්ෂණය වගේ දේවල් ගැන කිසිම විශ්වාසයක් තිබ්බේ නැහැ. තිබ්බේ තමන්ගේ සහජ බුද්ධිය සහ පරණ තාලේ රහස් පරීක්ෂක ක්‍රම විතරයි.

දැන් මේ පරණ සිංහයෝ දෙන්නා පිටත් වෙනවා බොනී සහ ක්ලයිඩ්ගේ අඩි පාරේ යන්න. ඒක ලේසි ගමනක් නෙවෙයි. හැමෝම එයාලට විරුද්ධයි, මොකද මිනිස්සු මේ අපරාධකාර ජෝඩුවට පුදුම විදිහට ආදරය කළා.

අවසානයේදී… මේ දෙන්නා බොනී සහ ක්ලයිඩ්ව අල්ලගන්නවාද? එහෙමත් නැත්නම්… මේ භයානක ගමන කොහොම ඉවර වෙයිද? ඒකට නම් ඔයාට චිත්‍රපටය බලන්නම වෙනවා!

ලබා දී ඇති උපසිරැසි BluRay පිටපත් සඳහා අදාළ වේ

උපසිරැසි සමඟ වීඩියෝ පිටපත Zip file එකේ ඇතුළත් කර ඇත.