
Drone (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි
කතාව තියෙන්නේ නීල් විස්ටින් කියන, සාමාන්‍ය මිනිහෙක් වගේ පෙනී සිටින සී.අයි.ඒ. එකේ කොන්ත්‍රාත් ඩ්‍රෝන් නියමුවෙක් වටා. ඇත්තටම එයා කරන්නේ රහසිගතව දුරස්ථ මෙහෙයුම්වලට සහභාගී වෙන එක. නීල්ගේ පවුල ඒ ගැන කිසිම දෙයක් දන්නේ නැහැ. එයාගේ ලෝකය සාමාන්‍ය විදිහට ගලාගෙන යනවා.
එක දවසක් ඉමිර් ෂෝ කියලා අමුතු ව්‍යාපාරිකයෙක්, නීල්ගේ පරණ බෝට්ටුවක් ගැන කතා කරන්න කියලා නීල්ගේ ගෙදරට එනවා. මේ ඉමිර්ගේ ආගමනයත් එක්ක තමයි නීල්ගේ සාමාන්‍ය ජීවිතය උඩු යටිකුරු වෙන්න පටන් ගන්නේ. ඇත්තටම මේ ඉමිර් කවුද? එයාට නීල්ව මුණගැහෙන්න ඕන වුණේ බෝට්ටුවක් ගන්නද? එහෙම නැත්නම් වෙනත් බරපතළ හේතුවක් තියෙනවද? නීල් අතින් කලින් සිද්ධ වුණ, අහිංසක ජීවිත කිහිපයක් නැති වුණ ඩ්‍රෝන් ප්‍රහාරයක ප්‍රතිඵලයද මේ? ඒක දැනගන්න ඔයාට මේ චිත්‍රපටය බලන්නම වෙනවා!
ඉමිර් එන්නේ පළිගැනීමේ අරමුණින්ද? නීල්ට සහ එයාගේ පවුලට මොකද වෙන්නේ? ඒ ගැන හිත හිතම චිත්‍රපටය බැලුවොත් කම්මැලි නැතිව බලන්න පුළුවන්.
