
The Tuxedo (2002) Sinhala Subtitle | සිංහල උපසිරැසි
ඔයාලට මතකද ජිමී ටොන්ග්? නිව්යෝර්ක්වල ඉන්න සුපිරිම ටැක්සි ඩ්‍රයිවර් කෙනෙක් තමයි මේ. මිනිහාගේ වේගෙටයි, ෂෝර්ට් කට් දන්න විදිහටයි වැඩේ කියන්නේ.
මේ නිසාම ජිමීට හම්බවෙනවා ක්ලාක් ඩෙව්ලින් කියන අද්භූත කෝටිපතියාගේ පුද්ගලික ඩ්‍රයිවර් රස්සාව. ජිමී දන්නේ නෑ මේ ක්ලාක් ඩෙව්ලින් කියන්නේ කවුද කියලා, හැබැයි මිනිහා ක්ලාක්ගේ අතිශය රහසිගත “ටක්සීඩෝව” අතින්වත් අල්ලන්න එපා කියලා තදින්ම කියලා තියෙනවා.
ඔන්න දවසක් ක්ලාක්ට මාර ප්‍රහාරයක් එල්ල වෙනවා. මේ ප්‍රහාරයෙන් ක්ලාක් කොමාවකට යනවා, හැබැයි මැරෙන්න කලින් ක්ලාක් ටිකක් අමුතු ඔරලෝසුවක් ජිමීට දෙනවා.
ඉතින්, ක්ලාක්ව බලාගන්න වෙන ජිමීට අර තහනම් ටක්සීඩෝව අඳින්න සිද්ධ වෙනවා. මේ ටක්සීඩෝව ඇන්දට පස්සේ තමයි ජිමීට තේරෙන්නේ, ඒක සාමාන්‍ය ඇඳුමක් නෙවෙයි කියලා! ඒක ඇඳගත්ත කෙනාට සුපිරි බල, සටන් කලාවන් වගේ නොයෙකුත් හැකියාවන් දෙන විද්‍යාත්මක ගැජට් එකක්!
ඒත් එක්කම ඩෙල් බ්ලේන් කියන තරුණ නියෝජිතවරියකුත් ජිමීගේ ජීවිතයට එනවා. එයා හිතාගෙන ඉන්නේ ජිමී තමයි ක්ලාක් ඩෙව්ලින් කියලා.
මේ දෙන්නට එකතු වෙලා දැන් නවත්වන්න වෙලා තියෙන්නේ ලෝක ජල සැපයුම විෂ කරන්න හදන දරුණු අපරාධකාරයෙක්ව.
ටැක්සි ඩ්‍රයිවර් කෙනෙක්ගෙන් සුපිරි ඔත්තුකරුවෙක් බවට පත් වුණ ජිමීට, මේ අමුතු ටක්සීඩෝ එකේ උදව්වෙන් ලෝකේ බේරගන්න පුළුවන් වෙයිද? ක්ලාක් ඩෙව්ලින්ට වෙච්ච දේට ජිමී පළිගනීවිද? ඒක දැනගන්න නම් චිත්‍රපටිය බලන්නම වෙනවා!
