
Time Changer (2002) Sinhala Subtitle | සිංහල උපසිරැසි
ටයිම් චේන්ජර් පටන් ගන්නේ 1890 අවුරුද්දේ. රසල් කාර්ලිස්ල් කියන බයිබල් මහාචාර්යවරයා තමන් ලියපු අලුත් පොතක් සෙමනේරියේ අනුමත කරගන්න හදනවා. හැබැයි එතන ඉන්නවා ආචාර්ය නොරිස් ඇන්ඩර්සන් කියලා තවත් කෙනෙක්.
මෙයා නම් කියන්නේ කාර්ලිස්ල්ගේ අදහස් අනාගත පරම්පරාවට අන්තිමටම බලපානවා කියලා. මොකද? කාර්ලිස්ල් කියන්නේ “ආගම නැතිව වුවත් යහපත් ජීවිතයක් ගත කළ හැකියි” කියලයි. ඒකට ඇන්ඩර්සන් කිසිසේත් එකඟ වෙන්නේ නැහැ.
අන්තිමට මේ ඇන්ඩර්සන් තමන්ගේ රහස් ආයුධය එළියට ගන්නවා. ඒ තමයි කාල යන්ත්‍රයක්!
ඔහු කාර්ලිස්ල්ව අනාගතයට – හරියටම අපේ කාලෙට – යවනවා. ඒ යවන්නේ ඇයි දන්නවද? කාර්ලිස්ල්ගේ අදහස් නිසා සමාජයට මොකද වෙලා තියෙන්නේ කියලා ඇස් දෙකෙන් ම බලන්න!
ඉතින් 19 වැනි සියවසේ මහාචාර්යවරයාට 21 වැනි සියවසේ නූතන ලෝකය එක්ක ගැටෙන්න වෙනවා. එයා දකින හැමදේකින්ම කම්පනයට පත් වෙනවා. එයා ආපහු එනකොට තමන්ගේ මතය වෙනස් කරගෙන ඉඳීවිද? එයාට ආපහු 1890ට යන්න ලැබෙයිද? ඔයාලම බලන්නකෝ…
