
Restless (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි
ටිකක් අවුල් සහගත, එහෙමත් නැතිනම් දුෂ්ට පොලිස් නිලධාරියෙක් ගැනයි කතාව. මෙයාගේ නම තමයි තෝමස්.
එක්තරා රාත්‍රියක, එයා යන ගමන් මාරාන්තික රිය අනතුරක් කරනවා. තමන්ගේ අපිරිසිදු වැඩ නිසා අභ්‍යන්තර විමර්ශනවලටත් ලක්වෙලා ඉන්න තෝමස්, මේ අනතුරත් වහලා දාන්න තීරණය කරනවා.
දැන් තෝමස් කරන්නේ, තමන්ගේ මෑතකදී මියගිය අම්මගේ මිනී පෙට්ටිය ඇතුළේ, මේ අනතුරින් මැරුණු මනුස්සයාගේ මළ සිරුරත් දාලා වළලන්න උත්සාහ කරන එක.
හැමදේම සාර්ථක වුණා කියලා හිතන් ඉන්නකොට, අනපේක්ෂිත විදියට තෝමස්ට පණිවිඩයක් එනවා. ඒ තමයි මේ සිද්ධිය දැකපු අද්භූත සාක්ෂිකරුවෙක්ගෙන්!
මේ කවුද? එයාට ඕන මොනවද? තෝමස්ගේ ජීවිතය දැන් තියෙන්නේ සම්පූර්ණයෙන්ම කඩා වැටීමේ අද්දර. මේක එයාට සෑහෙන තැතිගන්වනසුළු උගුලක් වෙනවා. එතැන් ඉඳන් සිද්ධ වෙන්නේ, මේ අඳුරු රහස වහගෙන, තමන්ගේ හතුරාව හොයාගෙන යන අතිශය භයානක මෙහෙයුමක්.
ලබා දී ඇති උපසිරැසි WEBRip / WEB-DL පිටපත් සඳහා අදාළ වේ
උපසිරැසි සමඟ වීඩියෝ පිටපත Zip file එකේ ඇතුළත් කර ඇත.
Direct download and online watch
Direct downloadමිනිත්තුවකදී වැඩිපුරම ඩවුන්ලෝඩ් කළ ලැයිස්තුව
පැය 24ක් තුළ වැඩිම පිරිසක් ඩවුන්ලෝඩ් කළ ලැයිස්තුව
Sinhala Subtitles Request
ඔබට අවශ්‍ය ඕනෑම සිංහල උපසිරස ඉල්ලා සිටිය හැක
