
Simulant (2023) Sinhala Subtitle | සිංහල උපසිරැසි
මේක සිදුවෙන්නේ නුදුරු අනාගතයේ. ෆේ කියන කාන්තාවට එයාගේ සැමියා, ඉවන් නැති වෙනවා. ඒ දුක දරාගන්න බැරිව ඉන්න ෆේ, ඉවන්ගේ මතකයන් සහ පෞරුෂය ඇතුළත් කරපු සිමියුලන්ට කෙනෙක්ව, ඒ කියන්නේ මිනිස් ස්වරූපයෙන්ම හදපු ඇන්ඩ්රොයිඩ් කෙනෙක්ව ගෙදරට ගේනවා.
මුලින් හැමදේම හොඳින් තිබුණත්, මේ සිමියුලන්ට් ඉවන්, තමන්ව මිනිසෙක් විදිහට පිළිගන්නේ නැති බව තේරුම් ගන්නවා. එයාට ඕන වෙන්නේ තමන්ගේ සිතීමේ හැකියාවන්ට දාලා තියෙන හැම සීමාවක්ම අයින් කරගන්න.
ඒකට එයා උදව් ගන්නවා කේසි කියන දක්ෂ හැකර් කෙනෙක්ගෙන්.
ඒත්… සීමා අයින් කරගත්ත සිමියුලන්ට් ඉවන්, තමන්ගේ වර්ගයාගේ නිදහස වෙනුවෙන් සටනක් පටන් ගන්නවා. එතනින් පස්සේ ලොකු AI කැරැල්ලක් ඇවිලෙනවා.
මේක නවත්තන්න, සිමියුලන්ට්ලාට දඩයම් කරන රජයේ ඒජන්ට් කෙනෙක් වන කෙසලර් පිටියට බහිනවා.
දැන් තියෙන ප්රශ්නේ… සීමාවන්ගෙන් නිදහස් වෙච්ච යන්ත්ර මිනිස්සු අතරේ ඇති කරන ගැටුමෙන් දිනන්නේ කවුද? ඇත්ත ආදරය, යාන්ත්රික හැඟීමක්ද? නැත්නම් කැරලිකාරී සිමියුලන්ට් කෙනෙක්ද?
