Image Not Found

Can You Keep a Secret? (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි

මේ කතාවේ ඉන්නවා එමා කියලා අලෙවි සහකාරියක්. එයාගේ වෘත්තීය ජීවිතයයි, ආදර ජීවිතයයි දෙකම අවුල් වෙලා වගේ තමයි තියෙන්නේ.

ඔන්න දවසක් එයා ගුවන් ගමනක ඉන්න අතරතුරේදී, ගුවන් යානය දරුණු ලෙස කැලඹෙන්න පටන් ගන්නවා. එතකොට එමා හිතනවා දැන් ඉවරයි කියලා.

බයටම, එයා එයාගේ ජීවිතේ තියෙන හැම පුංචි රහසක්ම, ලැජ්ජා සහගත විස්තරයක්ම එයාගේ ළඟ ඉන්න නාඳුනන කඩවසම් මනුස්සයාට කියනවා! එයාට හිතුණේ ඒ මනුස්සයාව ආයේ කවදාවත් හම්බවෙන්නේ නැහැ කියලා.

ඒත්… ආයෙත් වැඩට ගියාම මොකද වෙන්නේ කියලා දන්නවද?
අර ගුවන් යානයේදී රහස් කියපු කඩවසම් මනුස්සයා තමයි එයාගේ සමාගමේ තරුණ, අද්භූත ප්‍රධාන විධායක නිලධාරී ජැක් හාපර්!

දැන් එමාගේ හැම අමුතු විස්තරයක්ම ජැක් දන්නවා. එමාට හරිම අමාරුයි මේ තත්ත්වය කළමනාකරණය කරගන්න. දැන් එයා වැඩට යන්නෙත් ලැජ්ජාවෙන්.
දැන් තියෙන ප්‍රශ්නේ තමයි, එයාගේ රහස් දන්න මේ ලොක්කා එක්ක එමාගේ ආදර කතාවක් පටන් ගනීද? එයාට ඇත්තටම ආදරේ හොයාගන්න පුළුවන් වෙයිද? අනික… ජැක්ටත් එමාගෙන් හංගන ලොකු රහසක් තියෙනවා.

ලබා දී ඇති උපසිරැසි WEBRip / WEB-DL පිටපත් සඳහා අදාළ වේ

උපසිරැසි සමඟ වීඩියෝ පිටපත Zip file එකේ ඇතුළත් කර ඇත.