Image Not Found

The Red Sea Diving Resort (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි

මේක 1980 ගණන්වල, ඇත්තටම සිද්ධ වුන සිදුවීම් ඇසුරින් හදපු චිත්‍රපටයක්.

කතාව මෙහෙමයි: සූඩානයේ දුක් විඳින එතියෝපියානු-යුදෙව් සරණාගතයින් පිරිසක් ඉන්නවා. ඒ මිනිස්සුන්ට ඕන කොහොම හරි ඊශ්‍රායලයට යන්න. මේ අයව බේරගන්න තමයි ඊශ්‍රායලයේ රහස් ඔත්තු සේවයේ (Mossad) කණ්ඩායමක් ලොකු මෙහෙයුමක් පටන් ගන්නේ.

මේ ඔත්තුකාරයෝ කණ්ඩායමේ නායකයා තමයි ඇරි. ඔහු අදහසක් දෙනවා, සූඩානයේ රතු මුහුද වෙරළේ තියෙන අතහැර දැමූ නිවාඩු නිකේතනයක් කුලියට අරගෙන, ඒක පෙරමුණක් විදිහට පාවිච්චි කරන්න!

මෙම නිවාඩු නිකේතනය හරි හැටි පවත්වාගෙන යන ගමන්, රෑට රෑට රහසින් සරණාගතයින්ව රටින් පිට කරන්නයි ඇරිගේ සැලැස්ම.
හිතන්නකෝ, දවල්ට සුද්දන්ගේ නිවාඩු නිකේතනයක්… රැට ඒක දහස් ගණන් මිනිසුන්ගේ නිදහස වෙනුවෙන් දුවන රහසිගත මෙහෙයුම් මධ්‍යස්ථානයක්!

ඒ අතරට ඇත්තටම නිවාඩු ගත කරන්න එන සංචාරකයින්ගෙනුත් ඇතිවෙන ප්‍රශ්න, දේශීය බලධාරීන්ගේ අවධානය… මේ හැමදේම මැද්දේ මෙයාලා කොහොමද මේ මහා වැඩේ කරන්නේ? මොන තරම් අනතුරු සහ අභියෝග ඇතිවෙයිද?
වැඩේ හිතන තරම් ලේසි වෙන්නේ නෑ… මේක තනිකරම ජීවිතයයි-මරණයයි අතර තියෙන අවදානම් මෙහෙයුමක්.

ලබා දී ඇති උපසිරැසි WEBRip / WEB-DL පිටපත් සඳහා අදාළ වේ

උපසිරැසි සමඟ වීඩියෝ පිටපත Zip file එකේ ඇතුළත් කර ඇත.