Image Not Found

Fallen (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි

“Fallen” (2016) ෆිල්ම් එකේ කතාව ගෙතෙන්නේ ලුසී (Luce Price) කියන තරුණ කෙල්ල වටේ. අභිරහස් ගින්නකින් කොල්ලෙක් මැරුණට පස්සේ, ඒකට වරදකාරිත්වය ලුසී පිට පැටවෙනවා. එයාව යවනවා “ස්වෝඩ් ඇන්ඩ් ක්‍රොස්” (Sword & Cross) කියලා හරිම අමුතු, අඳුරු පුනරුත්ථාපන මධ්‍යස්ථානයකට. මේක නිකන් සාමාන්‍ය ඉස්කෝලයක් නෙවෙයි.

එතනදී ලුසීට කොල්ලෝ දෙන්නෙක්ව මුණගැහෙනවා. එකෙක් තමයි ඩැනියෙල් (Daniel Grigori). හරිම කඩවසම්, හැබැයි ලුසීව ගණන් ගන්නේ නෑ, මඟ අරිනවා. ඒත් ලුසීට දැනෙන්නේ එයාව කාලෙක ඉඳන් දන්නවා වගේ. අනිත් කෙනා තමයි කෑම් (Cam Briel). එයා හරිම මිත්‍රශීලීයි, ලුසීට ළං වෙන්නමයි ට්‍රයි කරන්නේ.

ලුසීට තේරෙනවා මේ ඉස්කෝලේ මොකක්හරි ලොකු අමුත්තක් තියෙනවා කියලා. එයාට භයානක ‘සෙවණැලි’ පේන්න ගන්නවා. ටිකෙන් ටික ලුසීට තේරුම් යනවා මේ ඩැනියෙල් සහ කෑම් කියන්නේ නිකන්ම නිකන් ප්‍රශ්නකාරී කොල්ලෝ දෙන්නෙක් නෙවෙයි කියලා. එයාලා දෙන්නා අතරේ තියෙන්නේ සරල ආදර ත්‍රිකෝණයකට වඩා ගොඩක් ගැඹුරු, හරිම පැරණි රහසක්.

ලුසීගේ ජීවිතේ හිතුවට වඩා ලොකු අනතුරක තියෙන්නේ. මේ දෙන්නා ඇත්තටම කවුද? ඇයි එයාලා ලුසීව හොයාගෙන ඇවිත් තියෙන්නේ? ඒ රහස තමයි කතාව.

ලබා දී ඇති උපසිරැසි BluRay පිටපත් සඳහා අදාළ වේ

උපසිරැසි සමඟ වීඩියෝ පිටපත Zip file එකේ ඇතුළත් කර ඇත.