Image Not Found

Bangkok Dangerous (2008) Sinhala Subtitle | සිංහල උපසිරැසි

“ජෝ” කියන්නෙ පට්ටම දක්ෂ, සීතල ලෙයින් වැඩ කරන කුලී ඝාතකයෙක්. එයා ජීවත් වෙන්නෙ එයාගෙම නීති ටිකක් උඩ: කාවවත් විශ්වාස කරන්න එපා, කිසිම බැඳීමක් ඇති කරගන්න එපා, වැඩේ ඉවර වුණ ගමන් කිසිම සලකුණක් තියන්නෙ නැතුව මාරු වෙන්න.

එයාගෙ අන්තිම ජොබ් සෙට් එකට ජෝ එන්නෙ බැංකොක් නගරයට. එයා එහෙදි “කොං” කියලා පොඩි පික්පොකට් කාරයෙක්ව එයාගෙ එහෙ මෙහෙ වැඩවලට ගන්නවා. ඒත් බැංකොක් වලදි ජෝ ගෙ සැලසුම් ඔක්කොම අවුල් වෙන්න පටන් ගන්නවා.

එකක්, එයාට “ෆොන්” කියලා කතා කරන්න බැරි (බිහිරි) ලස්සන කෙල්ලෙක් මුණගැහෙනවා. ජෝ තමන්ගෙ නීතිය කඩ කරලා එයා එක්ක සම්බන්ධයක් පටන් ගන්නවා. අනිත් එක, එයා කොංට තමන්ගෙ වැඩ ගැන උගන්නන්න පටන් ගන්නවා.
සීතල ඝාතකයා දැන් තමන්ගෙම නීති කඩ කරලා. එයා දුර්වල වෙලා.

එයාගෙ අන්තිම ටාගට් එකත් එක්ක ලොකු ප්‍රශ්නයක් පැන නගිනවා. ජෝව කුලියට ගත්ත උදවියම, ජෝ දැන් දන්න දේවල් වැඩියි කියලා හිතලා, එයාවයි කොංවයි ඉවරයක් කරන්න තීරණය කරනවා.

තමන්ගෙ ජීවිතේ පළවෙනි වතාවට, ජෝට තමන්ගෙ ජීවිතේ ගැන විතරක් නෙවෙයි, එයා ආදරේ කරන අයවත් බේරගන්න සටන් කරන්න සිද්ධ වෙනවා. බැංකොක් වල අඳුරු ලෝකය එයාව වටලද්දි, මේ දරුණු සෙල්ලම කොහෙන් ඉවර වෙයිද?

ලබා දී ඇති උපසිරැසි BluRay පිටපත් සඳහා අදාළ වේ

උපසිරැසි සමඟ වීඩියෝ පිටපත Zip file එකේ ඇතුළත් කර ඇත.