
Chicken Little (2006) Sinhala Subtitle | සිංහල උපසිරැසි
ආයුබෝවන්! අහලා තියෙනවද චිකන් ලිට්ල් ගැන? මේ ඉන්නේ පොඩි කුකුල් පැටියෙක්, දවසක් “අහස කඩා වැටෙනවා!” කියලා කෑ ගහලා මුළු නගරයම බය කරපු කෙනා. හැබැයි ඉතින්, ඒ වැටිලා තිබුණේ නිකම්ම ගෙඩියක්. මේ සිද්ධියෙන් පස්සේ චිකන් ලිට්ල් වුණේ නගරෙටම විහිළුවක්. එයාගෙම තාත්තා වුණත් හිටියේ පුතා ගැන ලොකු කලකිරීමකින්.
කොහොමහරි, චිකන් ලිට්ල් තීරණය කරනවා මේ නම නැති කරගන්න. එයා බේස්බෝල් මැච් එකක් දිනවලා නගරේ වීරයා වෙනවා. තාත්තත් ආයෙත් පුතා ගැන ආඩම්බර වෙනවා.
ඒත්… අන්න එදා රෑම තමයි ඇත්තම ප්‍රශ්නේ පටන් ගන්නේ.
මේ පාර ඇත්තටම අහසින් අමුතු දෙයක් චිකන් ලිට්ල්ගෙ ඔළුවට වැටෙනවා. මේක නම් ගෙඩියක් නෙවෙයි. ඒක පේන්නේ නැති වෙන, අමුතු පිටසක්වල තාක්ෂණයකින් හදපු කෑල්ලක්! චිකන් ලිට්ල් එයාගෙ යාළුවෝ ටිකත් (ඇබී, රන්ට්, ෆිෂ්) එකතු කරගෙන හොයා බලද්දී, එයාලට හම්බවෙනවා අතරමං වුණු පොඩි පිටසක්වල ළමයෙක්.
මෙයාව බේරගන්න ගිහින් චිකන් ලිට්ල් ආයෙත් නගරේ සීනුව ගහනවා. හැමෝම හිතන්නේ එයා ආයෙත් බොරුවක් කළා කියලා. ඒත් එක්කම, මුළු අහසම වහගෙන පිටසක්වල යානා ගොඩක් නගරෙට පහත් වෙනවා. ඒක පේන්නේ නම් දරුණු ආක්‍රමණයක් වගේ.
දැන් ඉතින්, තමන් ඇත්ත කිව්වේ කියලා ඔප්පු කරන්නත්, මේ පිටසක්වල ජීවීන් ඇවිත් ඉන්නේ ඇයි කියලා හොයාගන්නත්, මුළු නගරයම බේරගන්නත් වෙන්නේ මේ පොඩි චිකන් ලිට්ල්ට තමයි. එයාට ඒක කරන්න පුළුවන් වෙයිද?
