
Mutant Chronicles (2008) Sinhala Subtitle | සිංහල උපසිරැසි
මේක වෙන්නේ ගොඩක් දුර අනාගතේ. ලෝකේ සම්පත් ඔක්කොම ඉවර වෙලා. ලෝකේ පාලනය කරන්නේ මහා බලවත් කෝපරේෂන් හතරක්. මේගොල්ලෝ හැම තිස්සෙම ඉන්නේ මරාගන්න ගමන්.
ඔන්න දවසක්, මහා සටනක් යන අස්සේ, මෙයාලා අතින් පොළොව යට තිබ්බ පරණ ‘සීල්’ එකක් කැඩෙනවා. එතනින් එළියට එන්නේ නිකම්ම නෙවෙයි, මහා අමුතු, බිහිසුණු යන්ත්‍රයක්.
මේ යන්ත්‍රයේ වැඩේ තමයි, මිනිස්සුන්ව අල්ලගෙන එයාලව දරුණු, ලේ පිපාසිත ‘මියුටන්ට්’ලා (Necromutants) බවට පත් කරන එක. ටික දවසකින් මුළු ලෝකෙම මේ මියුටන්ට්ලාගෙන් පිරෙනවා. මනුෂ්‍ය වර්ගයා විනාශ වෙන්නමයි යන්නේ.
මේ වෙලාවේ, ‘මේජර් මිච් හන්ටර්’ කියන දක්ෂ සොල්දාදුවා ඇතුළු පොඩි කට්ටියකට මාරම භයානක මෙහෙයුමක් පවරනවා. ඒක හරියට මැරෙන්නම යන ගමනක්.
මෙයාලට තියෙන්නේ, ‘ක්‍රොනිකල්’ කියන පරණ පොතක තියෙන විදිහට, පොළොව යට ගැඹුරටම ගිහින් අර මියුටන්ට්ලා හදන යන්ත්‍රය හොයාගෙන විනාශ කරලා දාන්න.
ඉතින්, මියුටන්ට්ලා පිරුණු ඒ අඳුරු ලෝකේ ඇතුළට යන මේ පොඩි ටීම් එකට, මහා විනාශයේ මුල හොයාගන්න පුළුවන් වෙයිද? නැත්නම් එයාලත් මියුටන්ට්ලාගේ ගොදුරු බවට පත්වෙයිද?
