
Baahubali 2: The Conclusion (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි
ඔන්න ඔය ලෝකේම හොයපු ප්‍රශ්නෙට උත්තරේ තමයි මේ ෆිල්ම් එකෙන් පටන් ගන්නේ. කතාව යන්නේ ආපස්සට, අමරේන්ද්‍ර බාහුබලිගේ කාලෙට. බාහුබලි රජකමට තේරුණාට පස්සේ, එයා දේවසේනා කුමරියව හම්බවෙලා ආදරයෙන් බැඳෙනවා.
හැබැයි, මේ ආදර කතාව තමයි බල්ලාලදේවගේ ඉරිසියාව හොඳටම අවුස්සන්නේ. බල්ලාලදේවයි එයාගේ තාත්තයි එකතු වෙලා, ශිවගාමී දේවියගේ ඔළුවට එක එක බොරු දාලා, බාහුබලි ගැන වැරදි චිත්‍රයක් මවනවා.
මේ කුමන්ත්‍රණ හින්දා ශිවගාමී, බාහුබලිව රජකමෙනුත් අයින් කරලා, රටින්ම පිටුවහල් කරනවා. ඒත් බල්ලාලදේවගේ නපුරුකම එතනින් නවතින්නේ නෑ. එයා බාහුබලිව සම්පූර්ණයෙන්ම ඉවරයක් කරන්න දරුණු ප්ලෑන් එකක් ගහනවා. අන්තිමට, කට්ටප්පාටම සිද්ධ වෙනවා තමන්ගේ රජාව මරලා දාන්න.
කතාව ආයෙත් වර්තමානයට එනවා. ශිවු (මහේන්ද්‍ර බාහුබලි), තමන්ගේ තාත්තගේ සම්පූර්ණ කතාව දැනගන්නවා. ඊට පස්සේ පටන් ගන්නේ තාත්තගේ මරණයටයි, අවුරුදු ගාණක් දුක් විඳපු අම්මටයි සාධාරණය ඉල්ලන, බල්ලාලදේව එක්ක කරන අන්තිම මහා සටන.
