Image Not Found

The Possession of Hannah Grace (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි

මේක පටන් ගන්නෙ මෙගන් කියන කෙල්ලගෙන්. එයා ඉස්සර පොලිසියේ වැඩ කරපු කෙනෙක්, ඒත් වෙච්ච ප්‍රශ්නයක් හින්දා ඒක දාලා, දැන් හොස්පිටල් එකක මෝචරියක රෑ වැඩ මුරයට ජොබ් එකක් කරනවා. එයා හිතන්නේ ඉතින් රෑට මෝචරියක මොන වැඩද, පාඩුවේ ඉන්න පුළුවන් කියලා.

ඒත් එයා හිතපු තරම් දේවල් සරල නෑ.
එක දවසක් රෑ, දරුණු විදිහට තුවාල වෙච්ච, පිච්චුනු වගේ පෙනුමක් තියෙන කෙල්ලෙක්ගෙ බොඩි එකක් මෝචරියට ගේනවා. මේ තමයි ‘හැනා ග්‍රේස්’. කතාව හැටියට, මේ කෙල්ල මැරිලා තියෙන්නේ ඇඟට වැහිච්ච භයානක යක්ෂයෙක්ව එළවන්න ගියපු උත්සාහයක් අතරතුරදී.
මෙගන් ඉතින් මේ බොඩි එකත් අනිත් ඒවා වගේම ලාච්චුවකට දාලා තියනවා.

ඒත් එදා රෑ ඉඳන් තමයි අමුතු දේවල් වෙන්න ගන්නේ. මෝචරිය ඇතුළෙ අමුතු සද්ද ඇහෙනවා. ලයිට් නිවි නිවී පත්තු වෙනවා. මෙගන් මුලින් හිතන්නේ එයාට පරණ දේවල් මතක් වෙලා බය හිතෙනවා, එයාට පිස්සු හැදෙනවා කියලා.

ඒත් පස්සෙ තමයි එයාට නියම සීන් එක තේරෙන්නේ. හැනා ග්‍රේස්ගෙ බොඩි එක… ඒක නිකන්ම නිකන් මළ සිරුරක් නෙවෙයි. ඒක ඇතුළෙ ඉන්න ‘දේ’ තාම ජීවත් වෙනවා. ඒක එන්න එන්න ශක්තිමත් වෙනවා, බොඩි එකේ තුවාල හොඳ කරගන්නවා, වගේම ඒක මෝචරියෙන් එළියට යන්න දඟලනවා.

දැන් මෙගන් මේ අගුලු දාපු මෝචරිය ඇතුළෙ තනියම හිරවෙලා. එයාට උදව්වට කවුරුත් නෑ. මේ දරුණු යක්ෂයා ඊළඟට දඩයම් කරන්නේ කාවද? මෙගන්ට මේ රෑ පණ බේරගන්න පුළුවන් වෙයිද?

ලබා දී ඇති උපසිරැසි BluRay පිටපත් සඳහා අදාළ වේ

උපසිරැසි සමඟ වීඩියෝ පිටපත Zip file එකේ ඇතුළත් කර ඇත.