
Why We’re Killing Gunther (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි
ලෝකේ ඉන්න නම්බර් වන් ගාතකයා (hitman) තමයි ගන්තර් (Gunther). හැබැයි මිනිහා හරිම අහංකාර, එපා කරපු චරිතයක්. අනිත් හැම ගාතකයෙක්ගෙම ජොබ් මෙයා කඩා ගන්නවා.
දැන්, බ්ලේක් (Blake) කියලා තවත් ගාතකයෙක් ඉන්නවා. ගන්තර් නිසා බ්ලේක්ගේ බිස්නස් විතරක් නෙමෙයි, කෙල්ලවත් නැතිවෙලා. ඉතින් බ්ලේක්ට ඕන වෙනවා ගන්තර්ව මරලා දාන්න.
බ්ලේක් මේ වැඩේට තවත් ගාතකයෝ සෙට් එකක් එකතු කරගන්නවා. ගන්තර් නිසාම මල පැනලා ඉන්න, එක එක දේට දක්ෂ (නැත්නම් දක්ෂයි කියලා හිතන් ඉන්න) සෙට් එකක්. බෝම්බකාරයෙක්, වස දෙන කෙල්ලෙක්, රොබෝ අතක් තියෙන පොරක්… ඔය වගේ. මේ මුළු ‘මිෂන්’ එක වීඩියෝ කරන්න මෙයාලා ඩොකියුමන්ට්‍රි ටීම් එකකුත් ගෙන්න ගන්නවා.
ප්ලෑන් එක පටන් ගන්නවා. හැබැයි ප්‍රශ්නේ කියන්නේ, ගන්තර් කියන්නේ හිතනවාට වඩා දරුණු පොරක්.
මෙයාලා ගන්තර්ට තියෙන හැම උගුලක්ම, හැම ප්ලෑන් එකක්ම අන්තිමේදී පත්තු වෙන්නේ මෙයාලගෙම ඇඟේ. ගන්තර් කොහොමහරි හැමවෙලේම එක පියවරක් ඉස්සරහින් ඉන්නවා. මිනිහා මෙයාලා කරන හැමදේම කලින්ම දන්නවා වගේ.
ටීම් එක ඇතුළේ ප්‍රශ්න පටන් ගන්නවා. “ගන්තර් කොහොමද මේ ඔක්කොම දන්නේ? අපේ සෙට් එකේ ද්‍රෝහියෙක් ඉන්නවද?”
මේ අමුතුම ගාතක කණ්ඩායමට කවදාවත් දැකලවත් නැති, මේ අද්භූත ගන්තර්ව හොයාගන්නවත් පුළුවන් වෙයිද? එයාව මරන එක ඊට පස්සේ නේද? වැඩේ කියන්නේ, ඇත්තටම ගන්තර් කියන්නේ කවුද?
