Image Not Found

Mayhem (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි

ඩෙරෙක් චෝ කියන්නේ ලොකු නීති ආයතනයක මහන්සි වෙලා වැඩ කරන හාදයෙක්. හැබැයි දවසක් මෙයා කරපු නැති වරදකට, ලොකුම ලොක්කෙක් මෙයාව අසාධාරණ විදිහට ජොබ් එකෙන් අයින් කරනවා. ඩෙරෙක්ට මාර විදිහට අප්සට්.

මෙයා ඔෆිස් එකෙන් එලියට බහින්න හදද්දීම, මුළු බිල්ඩින් එකම සීල් තියලා ලොක් ඩවුන් කරනවා. හේතුව? ID-7, නැත්නම් “රෙඩ් අයි” කියලා භයානක වෛරස් එකක් බිල්ඩින් එක ඇතුළේ පැතිරිලා. මේ වෛරස් එකේ හැටි තමයි, ඒක හැදුනම මිනිස්සුන්ගේ කිසිම පාලනයක් නැති වෙනවා. හිතේ තියෙන තරහ, ආසාවන්, සත්තු වගේ එළියට දානවා. සරලවම කිව්වොත්, හැමෝටම පිස්සු හැදෙනවා.

වැදගත්ම දේ, නීතිය අනුව මේ වෛරස් එක ඇඟේ තියෙන වෙලාවේ (පැය 8 ක්) කරන කිසිම දෙයක්—පහරදීමක්, මිනීමැරුමක් උනත්—අපරාධයක් විදිහට සලකන්නේ නෑ.

දැන් ඩෙරෙක් මේ පිස්සන් කොටුවේ හිරවෙලා. එයාට එතනදී හම්බවෙනවා මෙලනි කියලා තවත් කෙනෙක්. එයාගෙත් මේ කම්පැනියේ ලොක්කෝ එක්ක පරණ ගණුදෙනුවක් තියෙනවා.

ඉතින්, නීතියක් නැති මේ පැය 8 ඇතුළේ, ඩෙරෙකුයි මෙලනියි තීරණය කරනවා තමන්ට අසාධාරණය කරපු ලොකුම ලොක්කන්ගෙන් පළිගන්න. එයාලා ඉන්නේ බිල්ඩින් එකේ උඩම තට්ටුවේ. පිස්සුවෙන් දඟලන, මරාගන්න හදන සේවකයන් පිරුණු මේ ඔෆිස් එකේ, තට්ටුවෙන් තට්ටුව උඩට ගිහින්, ලොකු ලොක්කන්ව අල්ලගන්න මේ දෙන්නට පුළුවන් වෙයිද?

ලබා දී ඇති උපසිරැසි BluRay පිටපත් සඳහා අදාළ වේ

උපසිරැසි සමඟ වීඩියෝ පිටපත Zip file එකේ ඇතුළත් කර ඇත.