Image Not Found

Starship Troopers: Traitor of Mars (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි

අපේ පරණ වීරයා, ජොනී රිකෝ (Johnny Rico), ආයෙත් වැඩට බැහැලා. හැබැයි පොඩි අවුලක්. එයාට ඩිමෝෂන් එකක් හම්බවෙලා. දැන් එයාව දාලා තියෙන්නේ අඟහරු ලෝකේ (Mars) පැත්තක තියෙන පොඩි ස්ටේෂන් එකකට. එයාගේ ජොබ් එක තමයි, කිසිම පළපුරුද්දක් නැති අලුත් කොල්ලො කෙල්ලො සෙට් එකකට ට්‍රේනින් දෙන එක. මේ අඟහරු ලෝකෙ කියන්නේ හෙනම බෝරිං තැනක්. බග්ස්ලා එක්ක කිසිම යුද්ධයක් එහෙම නෑ.

හැමෝම ඉතින් පාඩුවේ ඉන්නවා.
ඒත්… එකපාරටම හිතුවෙවත් නැති විදිහට බග්ස්ලා කෙලින්ම අඟහරු ලෝකෙට අටෑක් කරනවා!

මුළු ග්‍රහලෝකෙම අවුල් ජාලාවක් වෙනවා. දැන් මේක බේරගන්න ඉතුරු වෙන්නේ රිකෝයි, එයාගේ කිසිම දෙයක් දන්නෙ නැති අලුත් ටීම් එකයි විතරයි.

හැබැයි, කතාව එච්චර සරල නෑ. මේ ප්‍රහාරය නිකන්ම නිකන් බග් ප්‍රහාරයක් නෙවෙයි. මේක ඇතුළේ ඊට වඩා ලොකු ගේම් එකක් යනවා. අඟහරු ලෝකේ පාලනය කරන ලොක්කන්ගේ හැසිරීමත් හරිම අමුතුයි. ඒ මදිවට, මැරුණා කියලා හිතපු කෙනෙක් ආයෙත් මතුවෙනවා.
කවුද මේ “අඟහරුගේ ද්‍රෝහියා”? රිකෝට මේ අලුත් සෙට් එකත් එක්ක බග්ස්ලව නවත්තන්න පුළුවන් වෙයිද? නැත්නම් හැමදේම ඉවරද?

ලබා දී ඇති උපසිරැසි BluRay පිටපත් සඳහා අදාළ වේ

උපසිරැසි සමඟ වීඩියෝ පිටපත Zip file එකේ ඇතුළත් කර ඇත.