Image Not Found

Weathering with You (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි

කතාව පටන් ගන්නේ හොඩකා කියන කොල්ලා ටෝකියෝවට පැනලා එන තැනින්. එයාට ගෙදර අවුල් නිසා එහෙ මෙහෙ දුවනවා. ටෝකියෝ එද්දිම එයාට මුළු නගරේම දවස් ගාණක් තිස්සේ ඇද හැලෙන වැස්සට මුහුණ දෙන්න වෙනවා. ජීවත් වෙන්න සල්ලි නැතුව ඉන්නකොට, පත්තර කන්තෝරුවක පුංචි රස්සාවක් හම්බ වෙනවා. එතනින් තමයි පුදුම දේවල් ගැන හොයන්න එයාට පැවරුම් ලැබෙන්නේ.

ඔය අතරේ තමයි හොඩකාට හිනා කියලා කෙල්ලෙක් මුණගැහෙන්නේ. හිනා කියන්නේ සාමාන්‍ය කෙල්ලෙක් නෙවෙයි. එයාට පුදුම බලයක් තියෙනවා – ඒ තමයි වැස්ස නවත්තලා, පොඩි වෙලාවකට හරි හිරු එළිය ගේන්න පුළුවන්කම.

දෙන්නා එකතු වෙලා, ‘හිරු එළිය ගෙන්වන කෙල්ල’ කියලා පොඩි බිස්නස් එකක් පටන් ගන්නවා. මිනිස්සු සල්ලි දීලා හිනාගෙන් ඉල්ලනවා වැස්ස නවත්තලා දෙන්න කියලා. ඒත් හිනා මේ බලය පාවිච්චි කරන හැම වාරයක් පාසාම, ඒකේ ලොකු වන්දියක් ගෙවන්න වෙනවා. මොකද, මේ අසාමාන්‍ය වැස්ස පිටිපස්සේ තියෙන්නේ ලොකු රහසක්.

වැස්ස, හිරු එළිය, ආදරය, සහ ලෝකයේ සමබරතාවය… මේ හැමදේම අතර සිර වුණු මේ දෙන්නට මොකද වෙන්නේ? හිනාගේ බලයේ අවසාන ප්‍රතිඵලය මොකක් වෙයිද? හොඩකා සහ හිනා ගන්න තීරණෙන් ටෝකියෝ නගරේට මොනවා වෙයිද?

ලබා දී ඇති උපසිරැසි BluRay පිටපත් සඳහා අදාළ වේ

උපසිරැසි සමඟ වීඩියෝ පිටපත Zip file එකේ ඇතුළත් කර ඇත.

Direct download and online watch
online නැරඹීමේදී ඉතා වේගවත් ලෙස ලෝඩින් වීම සහ එක දිගට බාධාවකින් තොරව නැරඹිය හැකි විම
සිංහල උපසිරසි සමග නැරඹීමට හැකිවීම සහ භාගත කිරීම ඇති පහසුව
📥 Direct download