
When I’m Ready (2025) Sinhala Subtitle | සිංහල උපසිරැසි
විශාල උල්කාපාත සමූහයක් පොළොවට කඩන් වැටෙන්න ඔන්න මෙන්න කියලා තියෙද්දී, තරුණ පෙම් යුවළක් වෙන රෝස් සහ මයිකල් තීරණය කරනවා එයාලගේ අන්තිම දවස් ටික අර්ථවත්ව ගත කරන්න.
ඒ දෙන්නා රට පුරාම යන ගමනක් පටන් ගන්නවා. මේක නිකන්ම නිකන් ගමනක් නෙමෙයි, රෝස්ගේ ආච්චිව අන්තිම වතාවට බලන්න යන ගමනක්.
ගමන අතරමගදී මේ දෙන්නට නොයෙක් විදියේ මිනිස්සු මුණ ගැහෙනවා. ඒ හැමෝම තමන්ගේ ජීවිතේ අන්තිම වෙලාවේ මොකක් හරි දෙයක් හොයන, නොයෙකුත් පසුබිම්වලින් ආපු අය.
අවසානය ළඟ ඉද්දි, ආදරය, ජීවිතය, වෙන්වීම වගේ දේවල් ගැන මේ යුවළගේ සම්බන්ධතාවය විතරක් නෙමෙයි, එයාලා මුහුණ දෙන අභියෝගත් මාර විදිහට වෙනස් වෙනවා.
දැන් තියෙන ප්රශ්නේ මේකයි; ලෝක විනාශය ළඟදී, ජීවිතේ ඇත්තටම වටින්නේ මොනවද? අන්තිම මොහොතේදී ඔයා ජීවත් වෙන්න තෝරගන්නේ කොහොමද? එතකොට ආදරේ? ඒක අවසානය දක්වාම රැඳෙයිද? ඔයාලට දැනගන්න වෙන්නේ චිත්රපටය බැලුවොත් විතරයි!
