Image Not Found

Isolation (2005) Sinhala Subtitle | සිංහල උපසිරැසි

අයර්ලන්තයේ ඈත පළාතක තියෙන ගොවිපළක් තමයි මේ කතාවට පසුබිම. ගොවිපළේ අයිතිකාරයා තමයි ‘ඩෑන්’. ගොවිතැන කඩා වැටිලා නිසා ඩෑන් එක පාරටම ලොකු අත්හදා බැලීමකට එකඟ වෙනවා. ඒ තමයි එයාගේ එළදෙනුන්ව ජාන විකෘති කරන වැඩසටහනකට යොදාගන්න එක.

මේ වැඩේ කරන්නේ ‘ජෝන්’ කියන විද්‍යාඥයා. එයාගේ අරමුණ ඉක්මනින් වැඩෙන ගවයන් බෝ කිරීම. හැබැයි මේක රහසක්. කවුරුත් දැනගන්න හොඳ නෑ.

දවසක් ගොවිපොළට එන දේශීය පශු වෛද්‍යවරියක්, ‘ඕර්ලා’, අහම්බෙන් ගැබ් ගත් එළදෙනක් පරීක්ෂා කරනකොට, බඩ ඇතුළේ ඉන්න පැටියා එයාට හපා කනවා වගේ දැනෙනවා. මේක පුදුම දෙයක්! ඕර්ලාට සැක හිතෙනවා, හැබැයි ජෝන් ඒක ගණන් ගන්නේ නෑ.
ටික දවසකින් මේ එළදෙන පැටවා බිහි කරනකොට, ඒක හරිම විකෘති, භයානක සතෙක්. අවාසනාවට වගේ, ඒ විකෘති පැටවා තවත් බිහිසුණු පැටවුන් රැසකට අම්මා වෙලා ඉන්නවා කියලා ඕර්ලාට තේරෙනවා.

දැන් තේරෙනවා ජාන වෙනස් කිරීම කොච්චර භයානකද කියලා! මේ විකෘති පැටවුන්ගෙන් එක්කෙනෙක් කොහොම හරි පැනලා යනවා.
ඊට පස්සේ තමයි සත්‍ය භීෂණය පටන් ගන්නේ. ගොවිපළ වටේට නිරෝධායනය (Quarantine) දානවා. ඒකට හේතුව, මේ සතාට අනිත් සතුන්ට වගේම මිනිස්සුන්ටත් ආසාදනය කරන්න පුළුවන් කියලා තේරුම් යන එක.

දැන් ඩෑන්, ඕර්ලා, ජෝන් විතරක් නෙවෙයි, අහම්බෙන් ගොවිපොළ ළඟ කඳවුරු බැඳලා ඉන්න තවත් දෙන්නෙක් මේ ගොවිපළ ඇතුළේ සිර වෙනවා. පිටතට යන්න බෑ, ඇතුළේ භයානක, වේගයෙන් වර්ධනය වන සතෙක් සැඟවිලා ඉන්නවා.

මේ විකෘති සතා එළදෙනුන් ඇතුළේ සැඟවී, ඔවුන්ව ඇතුළතින් කා දමමින් විශාල වෙනවා. හැබැයි අන්තිමට මේ නපුරු සතාගේ ඉලක්කය වෙන්නේ එළදෙනුන් විතරක් නෙවෙයි.
අන්තිමේදී, මේ නිරෝධායනය කරපු ගොවිපළෙන් කවුරුන් ජීවිතය බේරා ගනීද, මේ විකෘති ජාන අත්හදා බැලීමේ අවසානය කොහොම වෙයිද කියලා දැනගන්න නම් චිත්‍රපටිය බලන්නම වෙනවා!

ලබා දී ඇති උපසිරැසි BluRay පිටපත් සඳහා අදාළ වේ

උපසිරැසි සමඟ වීඩියෝ පිටපත Zip file එකේ ඇතුළත් කර ඇත.