Image Not Found

Tokyo Godfathers (2003) Sinhala Subtitle | සිංහල උපසිරැසි

මේක ඇත්තටම නත්තල් කතාවක්, හැබැයි ටිකක් වෙනස් විදිහට. මේකේ ඉන්න ප්‍රධාන චරිත තුන්දෙනා ටෝකියෝ නගරයේ පාර අයිනේ ජීවත් වෙන අය. එහෙම කිව්වේ, මෙයාලට නවාතැන් ගන්න තැනක් නෑ.

දැන් කතාව පටන් ගන්නේ නත්තල් සැන්දෑවේ, කසල ගොඩක් අතරින් මෙයාලට හම්බවෙනවා පොඩි දරුවෙක්! ඒ දරුවාව කවුරුහරි අතහැරලා ගිහින්. දරුවා ළඟ තියෙනවා යම් හෝඩුවාවක්, පොඩි සටහනක් වගේ දෙයක්.

දැන් මේ තුන්දෙනාට වෙන වැඩේ තමයි, ඒ දරුවාගේ අම්මා තාත්තා කවුද කියලා හොයන එක. හැබැයි මේක ලේසි වැඩක් නෙවෙයි. මෙයාලා ටෝකියෝ නගරය පුරාම දරුවාගේ දෙමව්පියන් හොයන්න පටන් ගන්නවා.

මේ ගමනේදී මෙයාලට නොසිතූ විදිහේ අනතුරු, හාස්කම් වගේ දේවල් ගොඩකට මුහුණ දෙන්න වෙනවා. එතකොට තමයි මේ තුන්දෙනාගේ ජීවිතවල අතීතය ගැනත් අපිට දැනගන්න ලැබෙන්නේ. මෙයාලා ඇයි මෙහෙම පාරට වැටුණේ කියලා.

සමහර වෙලාවට හිතෙයි, මේ අහම්බෙන් වෙච්ච දේට උඩින් මෙයාලගේ ඉරණම ලියවිලා තියෙනවාද කියලා. එහෙම නැතිනම්, මේ පුංචි දරුවා මෙයාලගේ කැඩිලා ගිය ජීවිත යථා තත්ත්වයට පත් කරන්න ආපු දේවදූතයෙක්ද කියලා!

ඉතින්, මේ පිස්සු වගේ වැඩ කරන තුන්කට්ටුවට දරුවාගේ ඇත්ත දෙමව්පියන්ව හොයාගන්න පුළුවන් වෙයිද? නැත්තම්, මේ නත්තල මෙයාලගේ ජීවිත සම්පූර්ණයෙන්ම වෙනස් කරයිද? ඒක බලලාම දැනගන්නකෝ!

ලබා දී ඇති උපසිරැසි BluRay පිටපත් සඳහා අදාළ වේ

උපසිරැසි සමඟ වීඩියෝ පිටපත Zip file එකේ ඇතුළත් කර ඇත.