Image Not Found

Shock Wave (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි

කතාව පටන් ගන්නේ බෝම්බ නිශ්ක්‍රීය කරන ඒකකයේ (EOD) නිලධාරියෙක් ගැන. නම ච්‍යුං (Cheung). එයා අවුරුදු ගාණකට කලින් අපරාධකාරයෙක් වෙස්වලාගෙන හං (Hung) කියන භයානක බෝම්බ විශේෂඥයෙක්ගේ කල්ලියට රිංගනවා. අවසානයේදී, ච්‍යුං දක්ෂ විදියට කල්ලිය අල්ලගන්නවා, හැබැයි හං පැනලා යනවා.

දැන් කාලය ගතවෙලා. ච්‍යුං සාමාන්‍ය ජීවිතයක් ගත කරනවා. හැබැයි, එකපාරටම හං ආපහු එනවා. මේ පාර එයාගේ එකම පරමාර්ථය පළිගැනීම!

හං කරන්නේ පුදුම වැඩක්. හොංකොංවල තියෙන වැදගත්ම උමං මාර්ගයක්, ඒ කියන්නේ හරස් වරාය උමං මාර්ගය (Cross-Harbour Tunnel), පුපුරවන්න ලෑස්ති කරනවා. උමඟ ඇතුළේ ඉන්න අහිංසක මිනිස්සු සිය ගාණක් හං ප්‍රාණ ඇපයට අරගෙන ඉවරයි. එයාගේ ඉල්ලීම් ඉටු නොකළොත්, මුළු උමඟම පුපුරනවා!

දැන් ච්‍යුංට සිද්ධ වෙනවා තමන්ගේ අතීතයත් එක්ක සටන් කරන්න. මේක හුදෙක් බෝම්බ නිශ්ක්‍රීය කිරීමක් නෙවෙයි. මේක තමන්ව පාවා දුන්නා කියලා හං විශ්වාස කරන කෙනා සහ පළිගන්න හදන භයානක ත්‍රස්තවාදියා අතර පෞද්ගලික සටනක්.

ච්‍යුං කොහොමද මේ විසාල උමඟේ බෝම්බ ඩිෆියුස් කරලා, ප්‍රාණ ඇපකරුවන් බේරගෙන, හංගේ පිස්සු පළිගැනීම නවත්තන්නේ? එතකොනට මුළු හොංකොං නගරයම බිඳ වැටෙන්න පුළුවන්. කතාව එතනින් එහාට යන්නේ පුදුමාකාර කුතුහලයක් සහ ඇක්ෂන් ගොඩක් එක්ක. බලන්නකෝ මොකක් වෙයිද කියලා!

ලබා දී ඇති උපසිරැසි BluRay පිටපත් සඳහා අදාළ වේ

උපසිරැසි සමඟ වීඩියෝ පිටපත Zip file එකේ ඇතුළත් කර ඇත.