Image Not Found

The Good Shepherd (2006) Sinhala Subtitle | සිංහල උපසිරැසි

කතාව පටන් ගන්නේ එඩ්වර්ඩ් විල්සන් කියන තරුණයාගෙන්. එයා යේල් විශ්වවිද්‍යාලයේ දක්ෂයෙක්. හැබැයි එයාගේ ජීවිතේ යටින් තියෙනවා හුඟක් රහස්. එයාට ආරාධනා ලැබෙනවා රහස් සංවිධානයකට එකතු වෙන්න, ඒක තමයි CIA එකේ ආරම්භය.

විල්සන් කියන්නේ රට වෙනුවෙන් කැපවෙන්න සූදානම් කෙනෙක්, ඒ වගේම හරිම නිහඬයි. මේ ගතිගුණ නිසා එයාට ඔත්තු සේවාවේ ඉහළටම යන්න පුළුවන් වෙනවා. ඒත් එයා වැඩියෙන්ම විශ්වාසය තියන්නේ තමන්ගේ මනස සහ තමන්ගේ රහස්‍ය ස්වභාවය මත.

කතාව දිග හැරෙන්නේ දෙවන ලෝක යුද්ධයේ ඉඳන් සීතල යුද්ධය දක්වා කාලය තුළයි. විල්සන් තමන්ගේ දේශප්‍රේමය නිසා හැමදේම පරිත්‍යාග කරන්න ලෑස්ති වෙනවා. ඒත් ඒකෙදි එයාට තමන්ගේ පවුල, ඒ වගේම තමන්ගේ සදාචාරය පවා නැති කරගන්න වෙනවා.

මුළු කතාව පුරාම තියෙන්නේ විශ්වාසය සහ ද්‍රෝහීකම අතර සටනක්. විල්සන් උත්සාහ කරන්නේ ඔත්තු සේවාවේ ඇතුළේ ඉන්න ‘මෝල්’ කවුද කියලා හොයන්න. ඒ රහස හොයන ගමනේදී එයාට තේරෙනවා තමන්ට කිසිම කෙනෙක්ව විශ්වාස කරන්න බැහැ කියලා. සමහරවිට තමන්ගේම පුතාවත්!

මේ චිත්‍රපටය බලද්දි ඔයාට තේරෙයි, ඔත්තු සේවාවේ වැඩ කරනවා කියන්නේ කොයි තරම් තනිවීමක්ද, ඒ වගේම ලොකු බරක්ද කියලා. අවසානයේදී එඩ්වර්ඩ් විල්සන් මොනවද දිනාගන්නේ, මොනවද නැති කරගන්නේ? ඒක නම් ඔයාම බලලා තීරණය කරන්න ඕනේ!

ලබා දී ඇති උපසිරැසි BluRay පිටපත් සඳහා අදාළ වේ

උපසිරැසි සමඟ වීඩියෝ පිටපත Zip file එකේ ඇතුළත් කර ඇත.