Image Not Found

Frost/Nixon (2008) Sinhala Subtitle | සිංහල උපසිරැසි

මේ චිත්‍රපටයෙන් කියවෙන්නේ ඇමරිකාවේ හිටපු ජනාධිපති රිචඩ් නික්සන් වෝටර්ගේට් (Watergate) සිද්ධියෙන් පස්සේ නිහඬව ඉඳලා, 1977 දී බ්‍රිතාන්‍යයේ ජනප්‍රිය රූපවාහිනී ඉදිරිපත් කරන්නෙක් වුනු ඩේවිඩ් ෆ්‍රොස්ට් එක්ක සම්මුඛ සාකච්ඡා මාලාවකට එකඟ වෙන විදිය ගැන.

මේ නික්සන් කියන්නේ පුදුම කපටි, දේශපාලනික දක්ෂයෙක්. එයා හිතන්නේ ෆ්‍රොස්ට් කියන්නේ ලේසි පහසු විදිහට කතා කරන ‘ලයිට්-වෙයිට්’ කෙනෙක් කියලා. ඒ නිසා, මේ සම්මුඛ සාකච්ඡා වලින් තමන්ගේ කැළැල් වුනු ප්‍රතිරූපය ආයෙත් ගොඩනගා ගන්න පුළුවන් වෙයි කියලා එයාට ලොකු විශ්වාසයක් තිබුණා.

ඒත් ෆ්‍රොස්ට් හිටියේ ලොකු අභියෝගයක් එක්ක. ඇමරිකාවේ කිසිම ප්‍රධාන මාධ්‍ය ආයතනයක් මේ සම්මුඛ සාකච්ඡා විකාශය කරන්න කැමති වුණේ නෑ. ඒත් ෆ්‍රොස්ට් තමන්ගේම සල්ලි දාලා, ලොකු අවදානමක් අරගෙන මේ වැඩේට බැස්සා. එයාගේ කණ්ඩායම බලකරන්නේ කොහොම හරි නික්සන්ව කොටු කරගෙන, වෝටර්ගේට් ගැන පාපොච්චාරණයක් ගන්න ඕනේ කියලයි. ඒ අය හිතුවා, මේක තමයි නික්සන්ට ලැබෙන නඩු විභාගය කියලා.

කැමරා රෝල් වෙන්න ගත්තාම, පටන් ගත්තේ වචන වලින් කෙරෙන මහා සටනක්. පළමු වට කීපයේදී නික්සන් තමන්ගේ දේශපාලන දැනුමෙන් ෆ්‍රොස්ට්ව යටපත් කරලා දානවා. ෆ්‍රොස්ට්ගේ කණ්ඩායම කලකිරිලා. මේ වැඩේ අසාර්ථක වෙයිද කියලා හැමෝටම සැක හිතුණා.
ඒත්, අවසාන සම්මුඛ සාකච්ඡාවට දවස් කීපයකට කලින්, සිද්ධ වෙනවා පුදුම දෙයක්. මේක තමයි හැරවුම් ලක්ෂ්‍යය. එතනින් පස්සේ, අවසාන වටයේදී, හැමෝගෙම හුස්ම හිරකරගෙන බලන් ඉද්දි, ෆ්‍රොස්ට් අන්තිම උත්සාහය දරනවා නික්සන්ව කොටු කරන්න.

දැන් තියෙන ප්‍රශ්නය, මේ ද්වන්ධ සටනින් දිනන්නේ කවුද? අන්තිමට ජනාධිපති නික්සන් තමන්ගේ මහා වරද ගැන ඇත්ත එළියට දායිද? ඒක බලලම දැනගන්න. මේක නිකම්ම සාකච්ඡාවක් නෙවෙයි, බලවත් චරිත දෙකක කුළුඳුල් ගැටුමක්!

ලබා දී ඇති උපසිරැසි BluRay පිටපත් සඳහා අදාළ වේ

උපසිරැසි සමඟ වීඩියෝ පිටපත Zip file එකේ ඇතුළත් කර ඇත.