Image Not Found

The 33 (2015) Sinhala Subtitle | සිංහල උපසිරැසි

අපිට කවුරු හරි කිව්වොත් අඩි 2000කට වඩා පොළොව යට පණපිටින් වැළලිලා හිටියා කියලා, අපිට ඒක හිතාගන්නත් අමාරුයි නේද?

මේ කතාව 2010 අවුරුද්දේ චිලීවල ඇත්තටම වුණු සිදුවීමක්. San José පතලේ වැඩ කරපු පතල් කම්කරුවන් 33 දෙනෙක් ගැන තමයි “The 33” කියන චිත්‍රපටයෙන් කියවෙන්නේ.
පතලේ අයිතිකාරයෝ ආරක්ෂක අනතුරු ඇඟවීම් ගණන් නොගෙන ඉන්නකොට, එක දවසක් මහ විශාල නාය යෑමක් වෙනවා. මේකෙන් පතලට තිබුණු එකම පාර සම්පූර්ණයෙන්ම වැහිලා යනවා.

දැන් මේ මිනිස්සු 33 දෙනාම අතිවිශාල පර්වත තලාවක් යට සිරවෙලා. එයාලා කෑම බීම නැතුව, බලාපොරොත්තුවක් නැතුව අඳුරේ තනිවෙලා. එයාලට ඉතුරු වෙලා තියෙන්නේ දවස් තුනකට ඇති කෑම ටිකක් විතරයි.

උඩ ඉන්න එයාලගේ පවුල්වල අයයි, එරට රජයයි මේ සිදුවීමෙන් හෙල්ලිලා යනවා. මිනිස්සු 33 දෙනෙක් පණපිටින් පොළොව යට වැළලිලා ඉන්නකොට, ඒ අයව බේරගන්න කරන උත්සාහය ගැන මුළු ලෝකෙම අවධානය යොමු වෙනවා.

දැන් ප්‍රශ්නේ මේකයි: මේ පිරිසට එළිය දකින්න පුළුවන් වෙයිද? එයාලා කොච්චර කල් මේ බිහිසුණු අඳුරු උගුලේ සිරවෙලා ඉඳීද?

ලබා දී ඇති උපසිරැසි BluRay පිටපත් සඳහා අදාළ වේ

උපසිරැසි සමඟ වීඩියෝ පිටපත Zip file එකේ ඇතුළත් කර ඇත.