Image Not Found

Coyotes (2025) Sinhala Subtitle | සිංහල උපසිරැසි

සාමාන්‍ය පවුලක් – තාත්තා, අම්මා, පුංචි දුව – එයාලගේ ගෙදර සිර වෙනවා. සූදානම් වෙන්න වෙලාවක් ලැබෙන්නේ නැහැ. සුළඟක් ඇවිත් වාහනේට හානි වෙලා, කරන්ට් එකත් ගිහින්. ෆෝන් සිග්නල් නැහැ, කිසිම උදව්වක් ගන්න බැහැ.

හැබැයි, එයාලා එළියට යන්න බැරි එක නෙවෙයි ලොකුම ප්‍රශ්නය.
වෙන්නේ මෙහෙමයි… සාමාන්‍යයෙන් කැලෑවල ඉන්න, ගොඩක් දෙනෙක් අප්‍රිය කරන සත්තු ජාතියක් ඉන්නවා. ඒ තමයි කොයෝටාවෝ (Coyotes). මේ කොයෝටාවෝ සාමාන්‍ය සත්තු වගේ නෙවෙයි. මේ රැළ පුදුම විදිහට දරුණුයි, හරිම සංවිධානාත්මකයි. එයාලා කෑම හොයන එකට වඩා, මිනිස්සු දඩයම් කරනවා කියලයි ආරංචි.

වල් ගින්න පැතිරෙන පැත්තකින්, ලේ පිපාසිත කොයෝටාවෝ රැළක් ගේ වටේටම රවුම් කරන පැත්තකින්, මේ පවුලට වෙන කරන්න දෙයක් නැහැ. තියෙන්නේ එකම එක අවස්ථාවයි; පුළුවන් විදිහට ගෙදර ඇතුළේ ජීවත් වෙන්න!

මේ අය ගින්නට බය වෙලා ගෙදරට වෙලා ඉඳියිද, නැත්නම් මේ දරුණු කොයෝටාවෝ රැළට මුහුණ දෙන්න පිටතට යයිද? හිතාගන්න බැරි බිහිසුණු අත්දැකීමක් වෙයි… එයාලට ඉතිරි වෙන්න පුළුවන් වෙයිද?

ලබා දී ඇති උපසිරැසි WEBRip / WEB-DL පිටපත් සඳහා අදාළ වේ

උපසිරැසි සමඟ වීඩියෝ පිටපත Zip file එකේ ඇතුළත් කර ඇත.

Direct video download and online viewing
📥 Direct download