Image Not Found

Chhaava (2025) Sinhala Subtitle සිංහල උපසිරැසි

ඔන්න එහෙනම් මේ කතාව පටන් ගන්නේ මරාඨ අධිරාජ්‍යයේ නියම සිංහයෙක් වගේ හිටිය චත්‍රපති ශිවාජි මහාරාජ්ගේ වියෝවත් එක්ක.

මොගල් අධිරාජ්‍යයේ අවුරංගසෙබ්ට මේක ලොකු ආරංචියක්. එයා හිතනවා දැන් ඉතින් මරාඨයෝ ඉවරයි කියලා. හැබැයි එයාට ලොකුම අභියෝගයක් එනවා, ඒ තමයි ශිවාජිගේ පුතා – චත්‍රපති සම්භාජි මහාරාජ්!

සම්භාජි තරුණ වුණාට පොඩි එකෙක් නෙවෙයි. එයා පට්ටම වික්‍රමාන්විතයි. තාත්තා නැති වුණා කියලා පසුබසින්නෙ නැතුව, එයා පාලනය අතට අරගෙන කෙලින්ම මොගල් බලකොටු වලට කඩාවදිනවා, විශේෂයෙන්ම බුර්හාන්පූර් කියන තැනට. මේකෙන් අවුරංගසෙබ්ට හොඳටම කේන්ති යනවා.

කතාව පුරාම යන්නේ සම්භාජි තමන්ගේ ස්වරාජ් හීනය රැකගන්න අවුරංගසෙබ්ගේ ලොකු හමුදාව එක්ක කරන සටන. මේක සටන් විතරක් නෙවෙයි. එයාට ඇතුළෙන්ම එන තර්ජන, පාවාදීම් වලටත් මුහුණ දෙන්න වෙනවා. තමන්ගේම අයගේ ඊර්ෂ්‍යාව, දේශපාලනික කුමන්ත්‍රණත් එක්ක එයා තනිවෙන්න ආසන්න වෙනවා.

අන්තිමට අවුරංගසෙබ්ට ඕන වෙන්නේ සම්භාජි යටත් කරගන්න. හැබැයි මොන දේ වුණත්, කවදාවත් නොනැමෙන සම්භාජිගේ පුදුම කැපවීමයි, අධිෂ්ඨානයයි තමයි මේ චිත්‍රපටයේ හරය වෙන්නේ. තමන්ගේ ජනතාව වෙනුවෙන්, තමන්ගේ ආඩම්බරය වෙනුවෙන් එයා අන්තිම හුස්ම යනකල්ම සටන් කරනවා. බලන්න, මේ සැබෑ සිංහ පැටියා (Chhaava) මොන වගේ අවසානයකටද මුහුණ දෙන්නේ කියලා!

ලබා දී ඇති උපසිරැසි WEBRip / WEB-DL පිටපත් සඳහා අදාළ වේ

උපසිරැසි සමඟ වීඩියෝ පිටපත Zip file එකේ ඇතුළත් කර ඇත.