
Ayalaan (2024) Sinhala Subtitle | සිංහල උපසිරැසි
කතාව පටන් ගන්නේ තමිෂ් කියන ගමේ කොල්ලෙක්ගෙන්. ඌ හරිම සරලයි, ගහකොළට සත්තුන්ට හරිම ආදරෙයි. මේ අතරේ තමයි අපේ කතාවේ ප්‍රධාන චරිතය එන්නේ – ඌ තමයි ඒලියන්. හැබැයි ඌට “ටැටූ” කියලා නමක් දාගන්නෙත් තමිෂ්ගේ යාළුවෝ.
මේ ටැටූ පිටසක්වල ජීවියෙක්. ඌ පෘථිවියට එන්නේ මෙහේ තියෙන අමුතුම ‘ස්පාර්ක්’ කියන ලෝහයක් හොයාගෙන. මේ ‘ස්පාර්ක්’ එක වැටෙන්නේ නරක මිනිස්සුන්ගේ අතට. ඒ නරකම මිනිහා තමයි ආර්යන් කියන දරුණු විද්‍යාඥයා. ඌට ඕන මේ ලෝහය පාවිච්චි කරලා, මුළු පෘථිවියටම හානි කරන ‘නෝවා ගෑස්’ කියන මාරාන්තික දෙයක් හදන්න.
දැන් තමිෂ්ටයි, ටැටූටයි ලොකු වගකීමක් පැවරෙනවා. ඒ තමයි මේ දරුණු විද්‍යාඥයාගේ වැඩේ නවත්තලා, පෘථිවිය විනාශයෙන් බේරගන්න එක. එක පැත්තකින් නිකං කොල්ලෙක්, අනිත් පැත්තෙන් සත්තු වගේම මිනිස්සුන්ටත් උදව් කරන්න පුළුවන් දක්ෂතා තියෙන ඒලියන් කෙනෙක්.
මේ දෙන්නා එකතු වෙලා මේ මෙහෙයුම කොහොම කරන්න යනවද? ‘ස්පාර්ක්’ එක ආර්යන්ගේ අතට වැටුණොත් මොකද වෙන්නේ? තමිෂ්ටයි, ටැටූටයි මුළු ලෝකෙම බේරගන්න පුළුවන් වෙයිද? මේ අමුතු යාළුකම කොහෙන් නතර වෙයිද කියලා බලන්න නම් චිත්‍රපටිය බලන්නම වෙනවා!
