
Black Box (2020) Sinhala Subtitle | සිංහල උපසිරැසි
මෙය නොලන් කියන තාත්තා කෙනෙක් ගැන. එයාගේ වයිෆ් නැති වුණේ කාර් ඇක්සිඩන්ට් එකකින්. එයාටත් ඒ ඇක්සිඩන්ට් එක නිසා මතකය සම්පූර්ණයෙන්ම වගේ නැති වෙලා.
නොලන්ට තියෙන ලොකුම ප්‍රශ්නෙ තමයි, එයාට එයාගේ දුව එක්කවත් හරියට සම්බන්ධ වෙන්න බැරි වීම. මොකද එයාට තමන්ගේ අතීතය, එයා කවුද කියලවත් හරියට මතක නෑ. ඒ නිසාම එයා දුවව බලාගන්න අමාරු වෙනකොට එයාගේ යාළුවෙක් එයාව අරන් යනවා විශේෂඥ වෛද්‍යවරියක් ළඟට.
මේ ඩොක්ටර් කරන්නෙ ‘බ්ලැක් බොක්ස්’ කියන අත්හදා බැලීමක්. මේකෙන් පුළුවන්ලු මතකයන් ආයෙත් මතු කරන්න.
නොලන් මේ ප්‍රතිකාරය බාර ගන්නවා. හැබැයි එයා මේ ‘බ්ලැක් බොක්ස්’ ඇතුළට ගිහින් මතකයන් හොයන්න පටන් ගන්නකොට… එයාට දැනෙන්නෙ අමුතුම විදිහේ දේවල්. එයාගේ මතකයන් ඇතුළෙ කවුරුහරි හැංගිලා වගේ හැඟීමක් එනවා.
එයාට පේන මතකයන් එයාගේම ඒවාද කියන සැකයක් ඇති වෙනවා. එයා කවුද කියන එක ගැන එයාටම අවුල් වෙන්න ගන්නවා. එයා හොයන ඇත්තටම තියෙන්නෙ එයාගේම අතීතයද? නැත්තම් එයාගේ ඇඟ ඇතුළෙ වෙන කෙනෙක්ද?
මේ අත්හදා බැලීමෙන් එයාගේ මතකය ආපහු ලැබෙයිද? එහෙම නැත්තම්, එයාට එයාගේ ජීවිතයම නැති වෙයිද? බලන්න, මේක ඇත්තටම අඳුරු රහස් ගොඩක් හෙළි කරන තැනක්!
