Image Not Found

The Big Ugly (2020) Sinhala Subtitle | සිංහල උපසිරැසි

ලන්ඩන් වල ඉන්න ලොකුම පාතාල නායකයෙක් ඉන්නවා, ඌගේ දකුණු අත වගේ ඉන්න අතකොලුව තමයි නීලින්. මේ දෙන්නා ලොකු සල්ලි ගණුදෙනුවක් ගැන කතා කරන්න ඇමරිකාවේ වෙස්ට් වර්ජිනියා වල ඉන්න තෙල් ව්‍යාපාරිකයෙක් ගාවට යනවා. මේ ගමනට නීලින්ගේ පෙම්වතියත් එනවා.

අපේ බ්‍රිතාන්‍ය කණ්ඩායම ඇමරිකානු තෙල් කාරයා එක්ක සෙට් වෙලා, ඩීල් එක දාගෙන, රෑට පාටියකුත් දානවා. හැමදේම හොඳින් යනකොට, එක පාරටම නීලින්ගේ කෙල්ල අතුරුදහන් වෙනවා. අන්තිමට දැකලා තියෙන්නේ අර තෙල් කාරයාගේ නරක් වූ පුතා එක්ක.

නීලින්ට පිස්සු හැදෙනවා. එයාට ඕන වෙන්නේ කෙල්ලට මොකද වුණේ කියලා දැනගන්නයි, පළිගන්නයි විතරයි. හැබැයි, මේක එයාගේ ලොක්කාගේ සල්ලි ගණුදෙනුවටත්, යාළුකම් වලටත් ලොකු ප්‍රශ්නයක් වෙන්න පුළුවන්.

දැන් නීලින්ට තියෙන්නේ ලොකු තීරණයක් ගන්න. යාළුවෝ, ව්‍යාපාර, පවුල – මේ හැමදේම එයාට අහිමි වෙන්න පුළුවන්. ඒත් එයාට ඕන වෙන්නේ ඇත්ත දැනගන්නයි, අර මනුස්සයාට හොඳ පාඩමක් උගන්වන්නයි විතරයි. මේ කතාව ගොඩක්ම යන්නේ පළිගැනීම සහ විශ්වාසය ගැනයි. බලපන්කෝ මොකද වෙන්නේ කියලා!

ලබා දී ඇති උපසිරැසි WEBRip / WEB-DL පිටපත් සඳහා අදාළ වේ

උපසිරැසි සමඟ වීඩියෝ පිටපත Zip file එකේ ඇතුළත් කර ඇත.