Image Not Found

The Medium (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි

කතාව යන්නේ තායිලන්තයේ ඊසානදිග පැත්තේ තියෙන ගම් පළාතක. මුළු කතාවම ඩොකියුමෙන්ටරි ස්ටයිල් එකට තමයි රූගත කරලා තියෙන්නේ.

මේ ගමේ මිනිස්සු විශ්වාස කරනවා පුරාණ දේවතාවියක් ඉන්නවා කියලා, ඒ තමයි “බා යාන්”. පරම්පරාවෙන් පරම්පරාවට මේ දේවතාවියට මාධ්‍යයක් (medium) විදිහට කටයුතු කරන්නේ එක පවුලක කාන්තාවක්.

කතාව පටන් ගන්නේ වත්මන් මාධ්‍ය වන ‘නිම්’ (Nim) වටා. එයා හරිම සරල, ගමේ මිනිස්සුන්ට උදව් කරන කෙනෙක්. හැබැයි එයාගේ ලොකු අක්කා ‘නොයි’ (Noi) මේ මාධ්‍ය තනතුර භාරගන්න අකමැති වෙලා, ඒක ප්‍රතික්ෂේප කරලා ක්‍රිස්තියානි ආගමට හැරිලා තියෙන්නේ.

ඔන්න ඔහොම ඉන්නකොට, නොයිගේ දුව ‘මින්ක්’ (Mink) අමුතු විදිහට හැසිරෙන්න පටන් ගන්නවා. එයාගේ හැසිරීම දවසින් දවස දරුණු වෙන්න පටන් ගන්නවා, එකපාරටම එයාව වෙනත් කෙනෙක් වගේ පේන්න ගන්නවා. කටහඬවල් වෙනස් වෙනවා, භයානක දේවල් කරනවා.

නිම් මුලින් හිතන්නේ මේ එයාගේ පවුලේ සෙත සලසන “බා යාන්” දෙවියන්ගේ ආවේශය කියලා. හැබැයි… ටිකෙන් ටික පේන්න ගන්නවා මේක ඊට වඩා බිහිසුණු, නරක බලවේගයක් කියලා. සමහරවිට මේක පරම්පරාවකට කරපු සාපයක ප්‍රතිඵලයක් වෙන්නත් පුළුවන්.

මොකද, නොයි අවුරුදු ගාණකට කලින් ප්‍රතික්ෂේප කරපු දේ, දැන් ඇවිත් එයාගේ දුවට බලපාන්න පටන් අරන් වගේ පේනවා. අන්තිමට මේ පවුල මේ අද්භූත බලවේගයෙන් ගලවා ගන්න දැවැන්ත, භයානක පූජාවක් කරන්න සිද්ධ වෙනවා.

දැන් කතාවේ තියෙන ඇත්තම ප්‍රශ්නේ මේකයි.

මින්ක්ට ආවේශ වෙලා තියෙන්නේ ඇත්තටම ආරක්‍ෂක දේවතාවියද? නැත්නම් ඒ පිටුපස ඉන්නේ වෙනත් භයානක, පවුලේ රහස් එක්ක බැඳුණු යක්ෂයෙක්ද?
ඒ අන්තිම පූජාවේදී වෙන්නේ මොකක්ද? ඒක සාර්ථක වෙයිද? නැත්නම් මුළු පවුලම විනාශ වෙයිද? ඒ ටික දැනගන්න නම් ෆිල්ම් එක බලන්නම වෙනවා.

ලබා දී ඇති උපසිරැසි WEBRip / WEB-DL පිටපත් සඳහා අදාළ වේ

උපසිරැසි සමඟ වීඩියෝ පිටපත Zip file එකේ ඇතුළත් කර ඇත.