Image Not Found

I Am All Girls (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි

මේ කතාව දකුණු අප්‍රිකාවේ සිදුවූ ඇත්ත සිදුවීම් මත පදනම් වූවක්.

අපේ ප්‍රධාන චරිතය තමයි රහස් පරීක්ෂක ජෝඩී (Jodie). දවසක් ඇයට අමුතු මිනීමැරුම් මාලාවක් ගැන පරීක්ෂණ කරන්න සිද්ධ වෙනවා. මේ මිනීමරන්නේ පරණ ලිංගික ජාවාරම් කල්ලියක සාමාජිකයන්ව. විශේෂත්වය තමයි, මැරුණු හැම කෙනාගෙම ඇඟේ යම් රහස් සංකේතයක් තියෙන එක.

ජෝඩී ට තේරෙනවා, මේ මිනීමරුවා හරිම දක්ෂ, හොඳට පුහුණු වෙච්ච කෙනෙක් කියලා. ඒ වගේම මේ මිනීමැරුම් පිටිපස්සේ ඈත අතීතයේදී අතුරුදහන් වුණු ගැහැණු ළමයින් කිහිප දෙනෙක්ගේ කතාවක් හැංගිලා තියෙනවා.

දැන් කතාව තව තවත් ගැඹුරු වෙනවා. ජෝඩී මේ අභිරහස් මිනීමරුවාව අල්ලන්නයි හදන්නේ. ඒත් ඒ අතරේ ඇයට තේරෙනවා, මේ මිනීමරුවා ඇත්තටම කරන්නේ සමාජයේ ඉන්න දරුණු අපරාධකාරයෝ ටිකක් නැති කරන එක කියලා.

අවසානයේදී ජෝඩී ට තේරෙනවා, මේ සින්ඩිකේට් එක හිතුවාට වඩා ලොකු ජාත්‍යන්තර ජාලයක් බව. ඒ වගේම, මේ මිනීමරුවා කවුද කියන එක ගැනත් ජෝඩී ට ලොකු සැකයක් ඇති වෙනවා. ඒ සැකය වැටෙන්නේ පුදුම හිතෙන කෙනෙක් ගැන… ඇය අවසානයේදී මේ අපරාධ ජාලය අවසන් කරන්න යන්නේ හරිම භයානක ගමනක්. මේ ගමන කොහෙන් නතර වෙයිද? බලලම දැනගන්නකෝ!

ලබා දී ඇති උපසිරැසි WEBRip / WEB-DL පිටපත් සඳහා අදාළ වේ

උපසිරැසි සමඟ වීඩියෝ පිටපත Zip file එකේ ඇතුළත් කර ඇත.