Image Not Found

Immortals (2011) Sinhala Subtitle | සිංහල උපසිරැසි

ග්‍රීසිය විනාශ කරන පිස්සු රජෙක් ඉන්නවා, එයා තමයි ‘හයිපීරියන්’ (Hyperion). මිනිහාගේ එකම පිස්සුව තියෙන්නේ, පුරාණ දෙවිවරු පරද්දලා හිර කරලා තියෙන ‘ටයිටන්වරුන්’ (Titans) නිදහස් කරන්න. එතකොට දෙවියන්ගේ පාලනය ඉවරයි කියලා තමයි ඌ හිතන්නේ.

මේකට ඌට ඕන වෙනවා පුරාවෘත්තයක එන ‘ඉපිරස් දුන්න’ (Epirus Bow). මේ දුන්න හොයාගන්න හයිපීරියන් දේවාලවල ඉන්න පේන කියන කන්‍යාවියන් පවා අල්ලා ගන්නවා.
මේ අතරේ ‘තියුසියස්’ (Theseus) කියලා ගැමි තරුණයෙක් ඉන්නවා. එයා පුහුණු වෙලා තියෙන්නේ ‘මහලු මිනිසෙක්’ (Old Man) විදිහට වෙස්වලාගෙන ඉන්න දෙවිවරුන්ගේ නායකයා වන ‘සියුස්’ (Zeus) අතින්.

හයිපීරියන් තියුසියස්ගේ ගමට පහර දීලා එයාගේ අම්මාව මරනවා. මේකෙන් හොඳටම කේන්ති යන තියුසියස්, හයිපීරියන්ගෙන් පළිගන්න හිතාගෙන තවත් සගයන් දෙතුන් දෙනෙක් එක්ක ගමනක් යනවා. මේ ගමනේදී එයාට පුරාවෘත්ත දුන්නත් හම්බ වෙනවා.

දැන් තියුසියස්ට හයිපීරියන්ව නවත්වල, ටයිටන්වරු නිදහස් කරන එක නවත්තන්න පුළුවන් වෙයිද? දෙවිවරු මොනවා කරයිද?

මේක නම් දෙවිවරුයි මිනිස්සුයි ටයිටන්වරුයි ඔක්කොම එකට සෙල්ලම් කරන නියම ගේමක්! අවසානය වෙනකල් බැලුවොත් තමයි මේ විනාශය නතර වෙන්නේ කොහොමද කියලා දැනගන්න පුළුවන් වෙන්නේ!

ලබා දී ඇති උපසිරැසි BluRay පිටපත් සඳහා අදාළ වේ

උපසිරැසි සමඟ වීඩියෝ පිටපත Zip file එකේ ඇතුළත් කර ඇත.