
Crazxy (2025) Sinhala Subtitle | සිංහල උපසිරැසි
මේකේ ප්‍රධාන චරිතේ තමයි අභිමන්‍යු සූද් කියන දක්ෂ ශල්‍ය වෛද්‍යවරයා. එයා එක අතකට නරක තාත්තා කෙනෙක්. එයාගේ අතින් කලින් වුණ වැරදි වලට එයා දැන් වන්දි ගෙවන්නයි යන්නේ.
එයා වාහනේක යන අතරතුර, එකපාරටම එයාට අද්භූත කෝල් එකක් එනවා…
මොකක්ද කෝල් එක?
ඒ තමයි එයාගේ දුවව පැහැරගෙන ගිහින් කියලා!
දැන් අභිමන්‍යුට කරන්න තියෙන්නේ එක දෙයයි. හිරිකඩ වැටෙන්න කලින් දුවව බේරගන්න ඕනේ. ඒත් මේක ලේසි වැඩක් නෙවෙයි. පැහැරගත්ත කෙනා ඉල්ලන්නේ ලොකු කප්පම් මුදලක්. අභිමන්‍යු යන්නේ ඔය මුදලම අරගෙන එයාගේ වෛද්‍ය වෘත්තියේ නඩුවක් සමථයකට පත් කරන්න.
දැන් එයාට අමාරු තීරණයක් ගන්න වෙනවා. එයාගේ දුවව බේරගන්න මේ සල්ලි දෙන්නද? නැත්නම් එයාගේ වෘත්තීය නිදහස වෙනුවෙන් පාවිච්චි කරන්නද?
එක පැත්තකින් දුව. අනිත් පැත්තෙන් එයාගේ මුළු ජීවිතේම. අභිමන්‍යුට වෙලාව ඉවර වෙන්න කලින් මේ ‘පිස්සු’ රේස් එක දිනන්න පුළුවන් වෙයිද? මේක බලන්න ඕනේ කතාවක්!
