Image Not Found

KA (2024) Sinhala Subtitle | සිංහල උපසිරැසි

කතාව පටන් ගන්නේ අභිනය වාසුදෙව් කියන අනාථ තරුණයාගෙන්. එයා පොඩි කාලේ ඉඳන්ම වෙන අයගේ ලියුම් කියවන පුරුද්දකට ඇබ්බැහි වෙලා ඉන්නවා. ඒ පුරුද්ද නිසාම එයාට ඕන වෙන්නේ තමන්ගේම කියලා පවුලක්, බැඳීමක් හොයාගන්න.

ඒකට වාසුදෙව් තෝරගන්නේ ක්‍රිෂ්ණගිරි කියන කඳුකර ගම්මානේ තියෙන තැපැල්කරු රැකියාව. එයාට මේ ගමේදී සත්‍යභාමා කියන ලස්සන තරුණිය හම්බවෙනවා, ආදරයකුත් ඇති වෙනවා. හැමදේම හොඳින් යද්දී, එකපාරටම ගමේ තරුණියෝ අතුරුදහන් වෙන්න පටන් ගන්නවා.

වාසුදෙව්ට දැනෙනවා මේ අතුරුදහන්වීම් පිටිපස්සේ මොකක්දෝ අභිරහසක් තියෙනවා කියලා.

හැබැයි, මේ හැමදේම සිද්ධ වෙද්දි, වාසුදෙව්ව අඳුරන්නේ නැති, මූණ ආවරණය කරගත්තු කෙනෙක් විසින් අල්ලාගෙන, රහස් කාමරයකදී ප්‍රශ්න කරන්න පටන් ගන්නවා!

වාසුදෙව් ඇත්තටම කවුද? එයා ඇයි අනාථ නිවාසයෙන් පැනලා ආවේ? ගමේ අතුරුදහන්වීම් එක්ක එයාගේ සම්බන්ධය මොකක්ද?

ඔයාලට බලන්න වෙනවා, මොකද මේ හැම ප්‍රශ්නයකටම උත්තර හැංගිලා තියෙන්නේ වාසුදෙව් කියවපු අතීතයේ ලියුම් අතරේ! මේක කර්මය සහ තීරණවල ප්‍රතිවිපාක ගැන කියවෙන පුදුම කතාවක්!

ලබා දී ඇති උපසිරැසි WEBRip / WEB-DL පිටපත් සඳහා අදාළ වේ

උපසිරැසි සමඟ වීඩියෝ පිටපත Zip file එකේ ඇතුළත් කර ඇත.

Direct video download and online viewing
📥 Direct download