Image Not Found

L2: Empuraan (2025) Sinhala Subtitle | සිංහල උපසිරැසි

මේක ඇත්තටම ලූසිෆර් (Lucifer) චිත්‍රපටයේ දෙවැනි කොටස. ඉතින්, කතාව පටන් ගන්නේ ස්ටීවන් ම්පල්ලි හෙවත් අතිශයින්ම බලගතු කුරේෂි අබ්‍රාම් (Khureshi Ab’raam) කවුද කියලා මිනිස්සු දැනගත්තට පස්සේ.

මේ වෙද්දි කේරළයේ දේශපාලනය ආපහු අවුල් වෙලා. රටේ බලය බෙදන දේශපාලන කුමන්ත්‍රණ පවා සිද්ධ වෙනවා. ප්‍රධාන අමාත්‍යවරයා වුණු ජතින් රාම්දාස්ගේ තීරණ නිසා හැමදේම අවුල් ජාලාවක් වෙනවා. මේ නිසා ඔහුගේ සහෝදරිය වුණු ප්‍රියදර්ශනී රාම්දාස් එයාට විරුද්ධ වෙනවා.

මේ අතරතුර, කුරේෂි අබ්‍රාම් ලෝක මට්ටමේ අපරාධ ජාලයන් එක්ක සටන් කරනවා. විශේෂයෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පස්සේ එයා යනවා. හැබැයි, ඒ හැමදේම අතරේ, සායිද් මසූද් (Zayed Masood) ගේ අතීතය අපිට හෙළි වෙනවා. 2002 දී ගුජරාටයේ වෙච්ච සිද්ධි වලදි සායිද්ට වෙච්ච දේවල්, එයාගේ ජීවිතේ උඩුයටිකුරු කරපු හැටි අපි දකිනවා.

ඉතින්, මේ අවුල් සහගත තත්ත්වය නිසා තමයි ආපහු කේරළයට එන්න කියලා ස්ටීවන්ට ඉල්ලීමක් ලැබෙන්නේ. සායිද්ගේ පරණ පලිගැනීමකුත් ඉෂ්ට කරන්න එයාට සිද්ධ වෙනවා.

කතාව පුරාවට, දේශපාලනය, පවුල් බැඳීම්, සහ ජාත්‍යන්තර අපරාධ ජාලයන් එකිනෙක පැටලෙනවා. බලය, පලිගැනීම, සහ පරණ පොරොන්දු ඉෂ්ට කිරීම තමයි මේ කතාවේ තියෙන්නේ. අන්තිමට, යක්ෂයා ආපහු නැගිටින්නේ තමන්ගේ දේවල් ආරක්ෂා කරගන්නද, එහෙමත් නැත්නම් තවත් ලොකු යුද්ධයක් පටන් ගන්නද කියන එක තමයි L2: එම්පුරාන් (Empuraan) චිත්‍රපටයෙන් අපිට කියන්නේ.

ලබා දී ඇති උපසිරැසි WEBRip / WEB-DL පිටපත් සඳහා අදාළ වේ

උපසිරැසි සමඟ වීඩියෝ පිටපත Zip file එකේ ඇතුළත් කර ඇත.