Image Not Found

Jimmy Neutron: Boy Genius (2001) Sinhala Subtitle | සිංහල උපසිරැසි

ජිමී කියන්නේ වයසට වඩා දක්ෂ, සුපිරි මොළකාර කොල්ලෙක්. එයා ඉන්නේ රෙට්‍රොවිල් කියන නගරයේ. මෙයා හැම වෙලේම කරන්නේ අලුත් අලුත් දේවල් හදන එක. හැබැයි ඉතින්, එයා හදන ගොඩක් ගැජට්වලින් වැඩේ කෙළවර වෙන්නේ ලොකු අවුලකින්.

දවසක් ජිමී තීරණය කරනවා පිටසක්වළ ජීවීන් ඉන්නවද කියලා හොයන්න. එයා කුස්සියේ තිබ්බ ටෝස්ටර් එකකින් සැටලයිට් එකක් හදලා අභ්‍යවකාශයට විදිනවා. ප්‍රශ්නේ කියන්නේ, මේ සිග්නල් එක ඇත්තටම පිටසක්වළ ජීවීන් පිරිසකට අහු වෙනවා. මේගොල්ලෝ “යෝල්කියන්ස්ලා” කියන නපුරු කට්ටියක්.

එකපාරටම, රෙට්‍රොවිල් නගරයේ ඉන්න හැම අම්මා කෙනෙක්මයි, තාත්තා කෙනෙක්මයි අභිරහස් විදිහට අතුරුදහන් වෙනවා. නගරයේ ඉතුරු වෙන්නේ ළමයි විතරයි!

මුලදී ළමයින්ට මාර ජොලි. නීති දාන්න, බනින්න කවුරුත් නෑ. එයාලා ඕන දෙයක් කර කර ෆුල් පාටියේ ඉන්නවා. හැබැයි දවසක් දෙකක් යද්දී තමයි එයාලට තේරෙන්නේ තමන් කොච්චර අමාරුවකද වැටිලා ඉන්නේ කියලා.

ජිමීට තේරෙනවා මේ හැමදේම වුණේ එයා හදපු සැටලයිට් එක නිසා කියලා. දැන් එයාට ලොකු වගකීමක් තියෙනවා. ජිමී එයාගේ යාළුවෝ වුණු කාල්, ෂීන් සහ එයාගේ ලොකුම විරුද්ධවාදියා වුණු සින්ඩිවත් එකතු කරගන්නවා. ජිමී ළඟ තියෙන ඇමියුස්මන්ට් පාක් එකේ රයිඩ්ස් සේරම ස්පේස්ශිප් වලට හරවනවා.

මේ ළමයි සෙට් එකම එයාලගේ දෙමව්පියන්ව හොයාගෙන අභ්‍යවකාශයට යනවා. එහෙදි එයාලා දකිනවා යෝල්කියන්ස්ලා ලෑස්ති වෙන්නේ එයාලගේ දෙමව්පියන්ව යෝධ කුකුළෙක් වගේ දෙවියෙක්ට පූජා කරන්න! දැන් මේ පොඩි ළමයි ටිකට පුළුවන් වෙයිද, මේ පිටසක්වළ හමුදාව පරද්දලා, එයාලගේ අම්මලවයි තාත්තලවයි බේරගෙන ආපහු පෘථිවියට එන්න?

ලබා දී ඇති උපසිරැසි BluRay පිටපත් සඳහා අදාළ වේ

උපසිරැසි සමඟ වීඩියෝ පිටපත Zip file එකේ ඇතුළත් කර ඇත.