Image Not Found

Inherent Vice (2014) Sinhala Subtitle | සිංහල උපසිරැසි

මේක වෙන්නේ 1970 ගණන්වල, ලොස් ඇන්ජලීස්වල. ‘ඩොක්’ ස්පෝටෙලෝ කියන්නේ පොඩි පෞද්ගලික රහස් පරීක්ෂක වැඩ කරන, හැමතිස්සෙම වගේ මත් වෙලා ඉන්න හිපියෙක්. දවසක් රෑක, ඩොක් හිතපු නැති කෙනෙක් එයාගේ ගෙදරට එනවා. ඒ තමයි එයාගේ පරණ පෙම්වතිය, ශස්තා ෆේ.

ශස්තා දැන් ඉන්නේ මිකී වුල්ෆ්මෑන් කියන ලොකු සල්ලිකාර, දේපළ වෙළෙන්දෙක් එක්ක. ශස්තා ඇවිත් කියන්නේ මේ මිකී අතුරුදහන් වෙලා කියලා. එයාට සැකයි, මිකීගේ නෝනයි, එයාගේ හොර මිනිහයි එකතු වෙලා මිකීව පැහැරගෙන, එයාව පිස්සන් කොටුවකට යවන්න හදනවා කියලා. ඩොක්, පරණ ආදරේ හින්දද කොහෙද, ශස්තාට උදව් කරන්න මේ කේස් එක බාරගන්නවා.

හැබැයි, ඩොක් මේක හොයන්න පටන් ගත්ත ගමන්, කතාව හිතනවට වඩා ගොඩක් අවුල් ජාලයක් වෙනවා. ඩොක්ට මුණගැහෙන්නේ එකිනෙකාට සම්බන්ධයක් නැති අමුතුම චරිත. නාසි බයික් කල්ලි, මත්ද්‍රව්‍ය ජාවාරම් කරන දොස්තරලා, “ගෝල්ඩන් ෆැන්ග්” කියන අභිරහස් සංවිධානයක්, වගේම ඩොක්ව පෙන්නන්න බැරි “බිග්ෆුට්” කියන දරුණු පොලිස් රහස් පරීක්ෂකයෙකුත් මේකට පැටලෙනවා.

ඩොක් එක තැනකින් තව තැනකට යද්දී, ඇත්ත කතාව තවත් බොඳ වෙලා යනවා. මිකී වුල්ෆ්මෑන්ට ඇත්තටම මොකද වුණේ? ශස්තා කිව්ව කතාව ඇත්තක්ද? නැත්නම් ඩොක් මේ මහා කුමන්ත්‍රණයක මැද්දටද අහුවෙලා ඉන්නේ?

ලබා දී ඇති උපසිරැසි BluRay පිටපත් සඳහා අදාළ වේ

උපසිරැසි සමඟ වීඩියෝ පිටපත Zip file එකේ ඇතුළත් කර ඇත.