Image Not Found

Mega Shark vs. Giant Octopus (2009) Sinhala Subtitle | සිංහල උපසිරැසි

හිතන්නකෝ, අවුරුදු මිලියන ගාණක් තිස්සේ ඇලස්කාවේ අයිස් කන්දක් ඇතුළේ හිරවෙලා හිටපු මහා භයානක සත්තු දෙන්නෙක් එකපාරටම නිදහස් වුණොත් මොනවා වෙයිද? මේක වෙන්නේ නිකන්ම නෙවෙයි, හමුදා හෙලිකොප්ටරයකින් කරන අත්හදා බැලීමක් නිසා. මේ අයිස් කුට්ටිය පුපුරලා එළියට එන්නේ නිකන්ම නිකන් සත්තු දෙන්නෙක් නෙවෙයි. එකෙක් තමයි ‘මෙගා ෂාක්’ (Mega Shark), අනිත් කෙනා ‘දැවැන්ත බූවල්ලෙක්’ (Giant Octopus).

මේ දෙන්නා අයිස් වෙන්න කලිනුත් ඉඳලා තියෙන්නේ මාරාන්තික සටනක. දැන් නිදහස් වුණ ගමන් දෙන්නා පටන් ගන්නවා ලෝකෙ වටේ මහා විනාශයක් කරන්න. මෝරා මුලින්ම නැවක් විනාශ කරනවා. ඊට පස්සේ සැන් ෆ්‍රැන්සිස්කෝවල ගෝල්ඩන් ගේට් පාලම හපලා කනවා, අන්තිමට අහසේ යන ගුවන් යානයකටත් පැනලා පහර දෙනවා. බූවල්ලාත් නිකන් ඉන්නේ නෑ. එයා ජපාන වෙරළේ තෙල් ලිං කුඩුපට්ටම් කරනවා, සබ්මැරීන පොඩි කරනවා.

මුළු ලෝකෙම මුහුදු තීරයම තියෙන්නේ මහා භීෂණයක. මිනිස්සුන්ට මේක නවත්තන්න කිසිම ක්‍රමයක් හිතාගන්න බෑ. අන්තිමට විද්‍යාඥයින් කණ්ඩායමක් මේක නවත්තන්න ප්ලෑන් එකක් ගහනවා. එයාලා හොයාගන්නවා මේ සත්තු දෙන්නා එකිනෙකාට ආකර්ෂණය වෙනවා කියලා. එයාලගේ පරණ සටන තාම ඉවර වෙලා නෑ. ඉතින්, එකම විදිහ තමයි මේ යෝධයෝ දෙන්නව එක තැනකට ගෙන්නලා, එයාලගේ පරණ රණ්ඩුව ඉවරයක් කරන්න දෙන එක. මේ භයානක සත්තු දෙන්නව එක තැනකට ගෙන්නන්න පුළුවන් වෙයිද? ගෙන්නුවත්, මිනිස්සුන්ට වෙන්නේ මොන වගේ විනාශයක්ද? කවුරු දිනයිද?

ලබා දී ඇති උපසිරැසි BluRay පිටපත් සඳහා අදාළ වේ

උපසිරැසි සමඟ වීඩියෝ පිටපත Zip file එකේ ඇතුළත් කර ඇත.