
Self Reliance (2023) Sinhala Subtitle | සිංහල උපසිරැසි
ජීවිතේ එපා වෙලා, හරිම කම්මැලිකමකින් ඉන්න ටොමී කියන කෙනාට දවසක් හිතාගන්නවත් බැරි ආරාධනාවක් ලැබෙනවා. ඒ තමයි, ඩාර්ක් වෙබ් එකේ යන රියැලිටි ගේම් එකකට සම්බන්ධ වෙන්න. දිනුවොත් ත්‍යාගය ඩොලර් මිලියනයක්.
ගේම් එක සරලයි: දවස් 30ක් පුරා, එයාව මරන්න එන “දඩයම්කරුවන්ගෙන්” බේරිලා ජීවත් වෙන්න ඕන.
හැබැයි මේකෙ එක අමුතු නීතියක් තියෙනවා. දඩයම්කරුවන්ට ටොමීට පහර දෙන්න පුළුවන් එයා “තනියම” ඉන්න වෙලාවට විතරයි. ඉතින්, බේරෙන්න තියෙන එකම ක්‍රමය දවසේ පැය 24ම, තත්පරයක්වත් තනියම නොවී, කවුරුහරි එක්ක ඉන්න එක.
ටොමී මේක එයාගෙ පවුලේ අයට, යාළුවන්ට කියන්න උත්සාහ කළත්, කවුරුත් එයාව විශ්වාස කරන්නේ නෑ. හැමෝම හිතන්නේ එයාට පිස්සු හැදිලා කියලා. දැන් ටොමීට තනියම මේ සටන දෙන්න වෙලා. එයාට ළං වෙන අය ඇත්තටම එයාට උදව් කරනවද, නැත්නම් එයාලත් ගේම් එකේ කොටස්කාරයෝද? ටොමීට මේ දවස් 30 තනියම නොවී ගෙවාගන්න පුළුවන් වෙයිද?
