Image Not Found

Origin (2024) Sinhala Subtitle | සිංහල උපසිරැසි

“Origin” (2024) කියන්නේ ඇත්තටම අපිව ගොඩක් ගැඹුරට හිතන්න පොළඹවන විදියේ ෆිල්ම් එකක්. මේක ඔයා බලන සාමාන්‍ය චිත්‍රපටියක් වගේ නම් නෙවෙයි.

හිතන්නකෝ, ඇමරිකාවේ ඉතිහාසයේ කළු ජාතිකයින්ට සලකපු විදිහ, ඉන්දියාවේ අදටත් තියෙන කුල භේදය, සහ හිට්ලර්ගේ කාලේ ජර්මනියේ වුණ මහා විනාශය (Holocaust)… මේ එකිනෙකට කිසිම සම්බන්ධයක් නැති වගේ පේන දේවල් තුන අතරේ, ඇත්තටම අපිට නොපෙනෙන ‘පොදු නූලක්’ තියෙන්න පුළුවන්ද?

මේ ෆිල්ම් එකේ කතාව යන්නේ ඉසබෙල් විල්කර්සන් (මේ චරිතෙට පණ පොවන්නේ Aunjanue Ellis-Taylor) කියන දක්ෂ ලේඛිකාව වටා. එයාගේ ඔළුවට එනවා මේ ප්‍රශ්නේ. එයා තර්ක කරනවා, ලෝකේ තියෙන මේ මහා පීඩනයන්ට හේතුව “ජාතිවාදය” (Racism) කියන වචනය විතරක් නෙවෙයි, ඊට වඩා ගොඩක් ගැඹුරු, සමාජයේ ඇතුළටම ගියපු “කුල ක්‍රමයක්” (Caste) කියලා.

ෆිල්ම් එක පුරාම පෙන්නන්නේ ඉසබෙල් මේ අදහස ඔප්පු කරන්න ලෝකේ වටේ යන ගවේෂණාත්මක ගමන. එයා ජර්මනියට, ඉන්දියාවට යනවා. හැබැයි මේක එයාට ලේසි ගමනක් වෙන්නේ නැහැ. එයාගේ පෞද්ගලික ජීවිතේ ලොකුම කඩා වැටීමක් වෙන වෙලාවක තමයි එයා මේ අමාරු වැඩේට අත ගහන්නේ. එයා හොයාගන්න දේවල් ඇත්තටම අපි ලෝකය දිහා බලන විදිහ සම්පූර්ණයෙන්ම වෙනස් කරනවා.

මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ ප්‍රසිද්ධ Ava DuVernay. Jon Bernthal වගේ නළුවොත් මේකෙ ඉන්නවා. මේක නිකන් කතාවක් බලනවට වඩා, ලොකු අත්දැකීමක් එකතු කරන ෆිල්ම් එකක්.

ලබා දී ඇති උපසිරැසි WEBRip / WEB-DL පිටපත් සඳහා අදාළ වේ

උපසිරැසි සමඟ වීඩියෝ පිටපත Zip file එකේ ඇතුළත් කර ඇත.