
Thappad (2020) Sinhala Subtitle | සිංහල උපසිරැසි
අම්රිතා කියන්නේ එයාගේ මහත්තයා වික්‍රම්ට හුඟක් ආදරය කරන, පවුල වෙනුවෙන්ම කැපවුණු කෙනෙක්. එළියෙන් බලන ඕනම කෙනෙක්ට, ඒ දෙන්නා කියන්නේ කිසිම ප්‍රශ්නයක් නැති, සතුටින් පිරුණු නියම ජෝඩුවක්. අම්රිතාගේ මුළු ලෝකයම එයාගේ මහත්තයා වටා තමයි ගෙවිලා යන්නේ.
හැබැයි දවසක්, එයාලගේ ගෙදර පවත්වපු පාටියක් මැදදී, හැමදේම වෙනස් වෙනවා. වික්‍රම්, එයාගේ රැකියාවේ ප්‍රශ්නෙකට ආපු කේන්තිය පාලනය කරගන්න බැරුව, අමුත්තන් හැමෝම ඉස්සරහදීම අම්රිතාට කම්මුල් පාරක් ගහනවා.
ඒ “එක කම්මුල් පාර” තමයි මේ මුළු කතාවම.
පහුවදා ඉඳන් වික්‍රම් හැසිරෙන්නේ කිසිම දෙයක් වුණේ නැහැ වගේ. එයා හිතනවා “සොරි” කිව්වම ප්‍රශ්නේ ඉවරයි කියලා. අම්රිතාගේ අම්මා, වික්‍රම්ගේ අම්මා, නීතිඥයෝ, යාළුවෝ, හැමෝම අම්රිතාට කියන්නේ “ඕක අමතක කරලා දාන්න, ඕක නිකන් එක පාරක්නේ, පවුල් ජීවිතේ ඔහොම දේවල් වෙනවා” කියලා.
ඒත් අම්රිතාට ඒක අමතක කරන්න බෑ. ඒක රිදුණටත් වඩා, එයාගේ ආත්ම ගරුත්වයට තමයි වැදුණේ. එයාට තේරෙනවා එයාට තවදුරටත් වික්‍රම් එක්ක ඉන්න බැහැ කියලා.
නිකම්ම එක කම්මුල් පාරක් නිසා, අම්රිතා දික්කසාද වෙන්න තීරණය කරනවා. ඇත්තටම ඒක “නිකම්ම එක පාරක්” විතරද?
