
The Big White (2005) Sinhala Subtitle | සිංහල උපසිරැසි
“The Big White” (2005) මේක පට්ටම ‘බ්ලැක් කොමඩි’ (Black Comedy) එකක්. සීතල ඇලස්කා වල තමයි කතාව යන්නේ.
අහන්නකෝ සීන් එක. මේකේ ප්‍රධාන චරිතේ පෝල් බානෙල් (Paul Barnell). මෙයා ට්‍රැවල් ඒජන්ට් කෙනෙක්, හැබැයි ඉන්නේ හොඳටම බංකොලොත් වෙලා. ණයකාරයෝ වටකරගෙන ඉන්නේ. එයාගේ නෝනා (මාග්‍රට්) ටත් පොඩි මානසික අවුලක් තියෙනවා. ඉතින් පෝල්ට සල්ලි ඕනම වෙලා ඉන්න වෙලාවක, එයාට කුණු කන්ටේනරයක දාලා ගියපු, අයිස් වෙච්ච මිනියක් හම්බවෙනවා.
මෙතන ඉඳන් තමයි ගේම පටන් ගන්නේ. පෝල් හිතනවා මේ මිනිය, එයාගෙ අවුරුදු 5කට කලින් නැතිවුණු සහෝදරයා (රේමන්ඩ්) ගේ කියලා පෙන්වලා, ඩොලර් මිලියනයක ලයිෆ් ඉන්ෂුවරන්ස් එකක් කඩාගන්න.
හැබැයි මිනිහා හිතන තරම් මේක ලේසි වෙන්නේ නෑ. එක පැත්තකින්, ඉන්ෂුවරන්ස් ඒජන්ට් (ටෙඩ්) හරිම කට්ටයෙක්; ඌ මේක ලේසියෙන් දෙන්නේ නෑ, පස්සෙන්ම පන්නනවා. අනිත් පැත්තෙන්, අර මිනියේ ඇත්ත අයිතිකාරයෝ (හිට්මෑන්ලා දෙන්නෙක්) ඒක හොයාගෙන එනවා. ඔය ඔක්කොම මදිවට, මැරුණා කියලා හිතපු නියම සහෝදරයා (රේමන්ඩ්) එකපාරටම මතුවෙනවා! ඊට පස්සේ වෙන දේවල් නම් බලලම තමයි දැනගන්න ඕනේ.
