
The King and the Clown (2005) Sinhala Subtitle | සිංහල උපසිරැසි
මේක නම් 2005 ආපු සුපිරිම කොරියානු චිත්‍රපටයක්. කතාව බලපු නැති කෙනෙක්ට කුතුහලය තියෙන විදිහට මම මෙහෙම කියන්නම්.
කතාව වෙන්නේ ඉස්සර කොරියාවේ ජොසොන් රාජවංශ කාලේ. ජංසෙං සහ ගොංගිල් කියන්නේ පාරවල් ගානේ කඹ සෙල්ලම්, විහිළු කතා එහෙම කරලා ජීවත් වෙන දුප්පත් විහිළුකාරයෝ (Clowns) දෙන්නෙක්. ජංසෙං කියන්නේ ටිකක් දඩබ්බර, කණ්ඩායමේ නායකයා වගේ කෙනෙක්. ගොංගිල් කියන්නේ හරිම සියුමැලි, ලස්සන පිරිමි ළමයෙක්.
මේ දෙන්නා ඒ කාලේ හිටපු කුරිරු, දරුණු රජා (යොන්සන් රජු) සහ එයාගේ බිසව ගැන අපහාසාත්මක සෙල්ලමක් පාරේ කරනවා. කොහොමහරි මේක ආරංචි වෙලා දෙන්නවම අල්ලගෙන මාලිගාවට ගේනවා මරණ දඬුවම දෙන්න.
ජංසෙං එතනදී එක අභියෝගයක් කරනවා. “අපේ සෙල්ලම බලලා රජතුමාට හිනා ගියේ නැත්නම් අපිව මරන්න.”
පුදුමයකට, ඒ දරුණු රජා මේ දෙන්නගේ සෙල්ලමට කැමති වෙනවා. රජා මේ දෙන්නව මරන්නේ නැතුව, මාලිගාවේම “රාජකීය විහිළුකාරයෝ” විදිහට නතර කරගන්නවා.
හැබැයි කතාව පටන් ගන්නේ එතනින්. මේ රජා හරිම අමුතු, භයානක කෙනෙක්. එයා මේ විහිළුකාරයෝ දෙන්නව පාවිච්චි කරලා මාලිගාවේ ඉන්න දූෂිත නිලධාරීන්ට අපහාස කරන්න පටන් ගන්නවා. ඒ අතරේ රජා, අර සියුමැලි ගොංගිල්ට අමුතු විදිහක ලෙන්ගතුකමක් දක්වනවා. මේ නිසා මාලිගාව ඇතුළේ ලොකු ඊර්ෂ්‍යාවක්, කුමන්ත්‍රණයක් ගොඩනැගෙනවා.
ජංසෙං උත්සාහ කරනවා ගොංගිල්වයි, තමන්වයි මේ මාරක උගුලෙන් බේරගන්න. මේ දෙන්නට රජාව සතුටු කර කර, මාලිගාවේ කුමන්ත්‍රණවලින් බේරිලා ඉන්න පුළුවන් වෙයිද?
අධ්‍යක්ෂක සහ නළු නිළියන්
අධ්‍යක්ෂණය: ලී ජූන්-ඉක් (Lee Joon-ik)
ප්‍රධාන නළුවන්: කම් වූ-සං (Kam Woo-sung) – (ජංසෙං), ලී ජූන්-ගි (Lee Joon-gi) – (ගොංගිල්) සහ ජුන්ග් ජින්-යං (Jung Jin-young) – (යොන්සන් රජු).
