Image Not Found

Harriet (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි

2019 ආපු Harriet (හැරියට්) ඔයාලා බලලා නැත්නම්, මේක ඇත්තටම බලන්න වටින කතාවක්.

මේකේ ප්‍රධාන චරිතේ, ඒ කියන්නේ හැරියට් ටබ්මන්ගේ චරිතේ කරන්නේ සින්තියා එරිවෝ (Cynthia Erivo). එයා ඒ චරිතෙට පණ පොවනවා කියන්නේ, නිකන් ඇත්තටම දකිනවා වගේ. මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ කාසි ලෙමන්ස් (Kasi Lemmons) කියලා අධ්‍යක්ෂකවරියක්.

හිතන්නකෝ ඇමරිකාවේ වහල් සේවය දරුණුවටම තිබුණු කාලයක්. ‘මින්ටි’ (ඒ තමා හැරියට්ගේ මුල් නම) කියන්නේ වතුයායක ඉන්න වහල් තරුණියක්. එයාට එයාගේ ස්වාමියාගෙන් බේරිලා පැනලා යන්න ලොකු වුවමනාවක් තියෙනවා.

දවසක් එයා තනියම, හිතාගන්නවත් බැරි අනතුරු ගොඩක් මැද්දේ, කිලෝමීටර් සිය ගාණක් පයින්ම ගිහින් ‘නිදහස්’ ප්‍රාන්තයකට (ෆිලඩෙල්ෆියා) පැනගන්නවා. එතනදී එයාට නියම නිදහස හම්බවෙනවා.

හැබැයි කතාවේ නියම හරිය පටන් ගන්නේ එතනින්.

එයාට තිබ්බා එහෙම සැපට, නිදහසේ ඉන්න. ඒත් එයා එහෙම කරන්නේ නැහැ. එයා තීරණය කරනවා ආයෙමත් අර වහල් කඳවුරු තිබ්බ දකුණට යන්න. ඒ, එයාගේ පවුලේ අයවයි, එයා දන්න අනිත් වහලුන්වයි බේරගන්න.

මේක පණ පරදුවට තියන වැඩක්. එයා රහස් පාරවල් වලින් (මේකට ‘Underground Railroad’ කියලත් කියනවා) සිය ගාණක්ව නිදහසට අරන් යනවා. හැබැයි එයාව අල්ලන්න දරුණු දඩයක්කාරයෝ පස්සෙන් පන්නනවා.

එයා කොහොමද මේ සේරම කරන්නේ? එයා අන්තිමට අහුවෙයිද? ඒක තමා ඔයාලා බලන්න ඕන.

ලබා දී ඇති උපසිරැසි BluRay පිටපත් සඳහා අදාළ වේ

උපසිරැසි සමඟ වීඩියෝ පිටපත Zip file එකේ ඇතුළත් කර ඇත.