Image Not Found

Overlord: The Sacred Kingdom (2024) Sinhala Subtitle | සිංහල උපසිරැසි

Overlord: The Sacred Kingdom” (2024) ෆිල්ම් එකේ කතාව පටන් ගන්නේ හිතාගන්නවත් බැරි විදිහේ ලොකු විනාශයකින්.

‘ශුද්ධ රාජධානිය’ (Sacred Kingdom) කියලා මිනිස්සු සාමකාමීව ජීවත් වෙන රටක් තිබුණා. දවසක්, ජල්ඩබෝත් (Jaldabaoth) කියලා බලගතු යක්ෂ අධිරාජයෙක් එයාගේ භයානක ‘ඩෙමි-හියුමන්’ සේනාව අරගෙන මේ රාජධානියට කඩා වදිනවා. එයාලා කරන විනාශය අන්තිම දරුණුයි. නගර ගිනි ගන්නවා, මිනිස්සු දහස් ගණනක් මැරිලා වැටෙනවා, මුළු රාජධානියම දණ ගහනවා.

මේ රාජධානියේ ‘පැලඩින්’ලා (ශුද්ධ නයිට්වරු) කොච්චර සටන් කළත්, ජල්ඩබෝත් එක්ක හැරෙන්නවත් බැරි වෙනවා. මේ බිහිසුණු ප්‍රහාරයෙන් යන්තම් බේරෙනවා නෙයියා බරාජා (Neia Baraja) කියලා තරුණ, සාමාන්‍ය ගෝලයෙක් (squire) සහ එයාගේ නායිකාව වන රෙමීඩියොස් (Remedios) ඇතුළු කිහිප දෙනෙක්.

උන් හිටි තැන් පවා නැති වුණ මේ කට්ටිය, තමන්ගේ රට බේරගන්න උදව් ඉල්ලාගෙන අන්තිම විසඳුම විදිහට යන්නේ කවුරු ළඟටද දන්නවද? ඒ තමයි, අල්ලපු රටේ ඉන්න, ‘සෝසරර් කින්ග්ඩම්’ එකේ අලුත්ම රජ්ජුරුවෝ… ඒ කියන්නේ, මළවුන්ගේ අධිපති, අයින්ස් ඌල් ගෝන් (Ainz Ooal Gown) ළඟට.

මිනිස්සුන්ගේ රාජ්‍යයක් බේරගන්න, අස්ථි රජෙක් වුණු අයින්ස් ඇත්තටම උදව් කරයිද? මේ ජල්ඩබෝත් කියන කෙනාගේ ඇත්තම අනන්‍යතාවය මොකක්ද? අයින්ස්ගේ මේ “උදව්ව” පිටිපස්සේ හැංගිලා තියෙන නියම සැලැස්ම මොකක්ද කියලා තමයි ෆිල්ම් එකේ බලන්න තියෙන්නේ.

මේක අධ්‍යක්ෂණය කළේ නඔයුකි ඉතෝ (Naoyuki Itō). ප්‍රධාන චරිතවලට (ජපන්) හඬ දායකත්වය දෙනවා සතෝෂි හිනෝ (අයින්ස්), යොෂිනෝ අඔයමා (නෙයියා) සහ මසයුකි කතෝ (ඩෙමියර්ජ්).

ලබා දී ඇති උපසිරැසි WEBRip / WEB-DL පිටපත් සඳහා අදාළ වේ

උපසිරැසි සමඟ වීඩියෝ පිටපත Zip file එකේ ඇතුළත් කර ඇත.