Image Not Found

Avengers Confidential: Black Widow & Punisher (2014) Sinhala Subtitle | සිංහල උපසිරැසි

මේක 2014 ආපු නියම ඇක්ෂන් ඇනිමේ ෆිල්ම් එකක්. Avengers Confidential: Black Widow & Punisher. මේක අධ්‍යක්ෂණය කළේ කෙනිචි ෂිමිසු (Kenichi Shimizu) කියන ජපන් අධ්‍යක්ෂකවරයා. ප්‍රධාන චරිත (බ්ලැක් විඩෝ සහ පනිෂර්) සඳහා ඉංග්‍රීසි හඬ දායකත්වය දෙන්නේ ජෙනිෆර් කාපෙන්ටර් සහ බ්‍රයන් බ්ලූම්.

S.H.I.E.L.D. එකේ රහස් මෙහෙයුමක් කරගෙන යද්දී, පනිෂර් (Frank Castle) එකපාරටම ඒක මැදට පැනලා, ඔක්කොම අවුල් කරනවා. ඉතින්, S.H.I.E.L.D. එක මෙයාව අත්අඩංගුවට ගන්නවා.

හැබැයි නික් ෆියුරි, පනිෂර්ට ඩීල් එකක් දෙනවා. “ඔයා බ්ලැක් විඩෝ (Natasha Romanoff) එක්ක එකතු වෙලා එක මිෂන් එකක් කළොත්, ඔයාගේ පරණ වැරදි ඔක්කොම අමතක කරලා ඔයාව නිදහස් කරන්නම්” කියලා.

මොකක්ද මේ මිෂන් එක? “ලෙවියාතන්” (Leviathan) කියලා අලුත්ම ත්‍රස්ත සංවිධානයක්, S.H.I.E.L.D. එකෙන් හොරකම් කරපු සුපිරි බලගතු තාක්ෂණයක් වෙන්දේසි කරන්නයි හදන්නේ. මේ දෙන්නා යන්න ඕනේ ඒක නවත්වන්න.

ප්‍රශ්නේ කියන්නේ, බ්ලැක් විඩෝ කියන්නේ හොරෙන්ම, සද්දයක් නැතුව වැඩ කරන කෙනෙක්. පනිෂර් කියන්නේ ඉතින්… දන්නවනේ, කෙලින්ම ගේමට බහින, කිසිම අනුකම්පාවක් නැති කෙනෙක්. මේ හාත්පසින්ම වෙනස් දෙන්නට එකට වැඩ කරන්න පුළුවන් වෙයිද?

වැඩේ ඇතුළට යද්දී තමයි දෙන්නටම තේරෙන්නේ, මේක නිකන් ආයුධ වෙන්දේසියක් විතරක් නෙවෙයි, මීට වඩා ගොඩක් භයානක, විශේෂයෙන්ම බ්ලැක් විඩෝගේ පරණ අතීතයට සම්බන්ධ ලොකු කුමන්ත්‍රණයක් මේක පිටිපස්සේ තියෙනවා කියලා.

ලබා දී ඇති උපසිරැසි BluRay පිටපත් සඳහා අදාළ වේ

උපසිරැසි සමඟ වීඩියෝ පිටපත Zip file එකේ ඇතුළත් කර ඇත.