Image Not Found

American Murderer (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි

“American Murderer” (2022) කියන්නෙ ඇත්තටම වෙච්ච සිදුවීමක් පාදක කරගත්ත, ටිකක් බරපතළ කතාවක්.

හිතන්නකෝ, පට්ට සෙල්ලක්කාර, සල්ලිවලින් නාන, හැබැයි කිසිම වගකීමක් නැති චරිතයක්. මේ කතාවේ ප්‍රධානියා තමයි ජේසන් ඩෙරෙක් බ්‍රවුන් (Jason Derek Brown). මෙයා පෙනුමෙන් වගේම කතාවෙන් මිනිස්සුන්ව අන්දන්න පුදුම දක්ෂයෙක්.

මිනිහා ලොකු ලොකු පාටි දාලා, සුපිරි වාහන අරන්, පට්ට සුඛෝපභෝගී ජීවිතයක් ගෙවන්නෙ. හැබැයි මේ ඔක්කොම සල්ලි එන්නෙ මිනිස්සුන්ට පොලු තියලා, බැංකු වංචා කරලා.

ඉතින්, FBI එක මෙයාගෙ පස්සෙන් පන්නනවා. විශේෂයෙන්ම ඒජන්ට් ලාන්ස් ලෙයිසිං (Lance Leising) මෙයාව අල්ලගන්නමයි ඉන්නෙ. ජේසන්ගේ ණය බර වැඩිවෙනකොට, එයාට ඉක්මනට ලොකු සල්ලි ගාණක් ඕන වෙනවා. එයා තීරණය කරනවා එයාගෙ ජීවිතේ ලොකුම සහ අන්තිම ‘ඩීල්’ එක කරන්න.
ඒ ‘ඩීල්’ එක තමයි කතාවේ භයානකම පැත්තට හැරෙන්නෙ.

සරලවම කිව්වොත්, සෙල්ලක්කාර වංචාකාරයෙක්, FBI එකේ ‘Most Wanted’ ලැයිස්තුවට වැටෙන දරුණු අපරාධකාරයෙක් වෙන හැටි තමයි මේකෙන් පෙන්නන්නෙ.

මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ මැතිව් ජෙන්ටයිල් (Matthew Gentile). ප්‍රධාන චරිතය, ඒ කියන්නෙ ජේසන් බ්‍රවුන්ට, පණ පොවන්නෙ ටොම් පෙල්ෆ්‍රි (Tom Pelphrey). අර FBI ඒජන්ට් විදිහට රයන් ෆිලිපේ (Ryan Phillippe) රඟපානවා.

ඇත්තටම මිනිහෙක්ගෙ ජීවිතේ කොයි තරම් පහළට වැටෙන්න පුළුවන්ද කියලා හිතාගන්න පුළුවන් කතාවක්.

ලබා දී ඇති උපසිරැසි WEBRip / WEB-DL පිටපත් සඳහා අදාළ වේ

උපසිරැසි සමඟ වීඩියෝ පිටපත Zip file එකේ ඇතුළත් කර ඇත.