
Awake (2007) Sinhala Subtitle | සිංහල උපසිරැසි
මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ ජෝබි හැරල්ඩ් (Joby Harold). ප්‍රධාන චරිත විදිහට හේඩන් ක්‍රිස්ටෙන්සන් (Hayden Christensen), ජෙසිකා ඇල්බා (Jessica Alba) සහ ටෙරන්ස් හොවාර්ඩ් (Terrence Howard) රංගනයෙන් දායක වෙනවා.
ක්ලේ කියන්නේ ලොකු සල්ලිකාර තරුණයෙක්. හැබැයි මෙයාට දරුණු හදවත් රෝගයක් තියෙනවා, ඉක්මනටම හදවතක් බද්ධ කරන්න (heart transplant) ඕන. මෙයා තමන්ගෙ අම්මටත් හොරෙන්, තමන් ආදරය කරන සෑම් (ජෙසිකා ඇල්බා) එක්ක විවාහ වෙනවා.
කොහොමහරි, සැත්කම කරන්න දවස එනවා. ක්ලේව ඔපරේෂන් තියටර් එකට අරන් ගිහින් නිර්වින්දනය (anesthesia) දෙනවා.
මෙතන තමයි කතාවේ කුතුහලය පටන් ගන්නේ.
ක්ලේගෙ ඇඟ පණ නැති වුණාට, එයාගෙ සිහිය නැති වෙන්නෙ නෑ. එයාට ඇස් අරින්න බෑ, කතා කරන්න බෑ, ඇඟිල්ලක්වත් හොල්ලන්න බෑ. ඒත් එයාට තමන්ගෙ වටේ වෙන හැම දෙයක්ම ඇහෙනවා. දොස්තරලා කතා කරන ඒවා… ඒ විතරක් නෙවෙයි, සැත්කමේ සම්පූර්ණ වේදනාවම එයාට දැනෙනවා!
ඔහොම අසරණ වෙලා ඉන්නකොට තමයි, ක්ලේට එයාගෙ කන් දෙකෙන්ම ඇහෙන්නෙ, මේක නිකන්ම ඔපරේෂන් එකක් නෙවෙයි, එයාව මරන්න හදන ලොකු කුමන්ත්‍රණයක් කියලා. එයාගෙ අලුත්ම බිරිඳයි, එයාගෙ හොඳම යාළුවා වගේ හිටපු දොස්තරයි (ටෙරන්ස් හොවාර්ඩ්) තමයි මේක පිටිපස්සෙ ඉන්නෙ.
දැන් මේ පණපිටින් ඉන්න, ඒත් හෙලවෙන්නවත් බැරි මනුස්සයා මේ මර උගුලෙන් කොහොමද බේරෙන්නෙ?
