
Spider-Man: All Roads Lead to No Way Home (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි
2021 ආපු “Spider-Man: No Way Home” “All Roads Lead to No Way Home” කියන්නේ ඒ ෆිල්ම් එකේ Home Release එකත් එක්ක ආපු පොඩි වාර්තා වැඩසටහනක්
හරි, කතාව ගැන කියනවනම්, මේක අධ්‍යක්ෂණය කරන්නේ Jon Watts. ප්‍රධාන නළුවා Tom Holland (පීටර් පාකර්), Zendaya (MJ) සහ Benedict Cumberbatch (ඩොක්ටර් ස්ට්‍රේන්ජ්) වගේ අය ඉන්නවා.
කතාව පටන් ගන්නේ කලින් ෆිල්ම් එක ඉවර වුන තැනින්. ‘Mysterio’ ලෝකෙටම කිව්වනේ ස්පයිඩර් මෑන් කියන්නේ පීටර් පාකර් කියලා.
ඔන්න ඔතන ඉඳන් පීටර්ගේ ජීවිතේ විතරක් නෙවෙයි, එයාගේ යාළුවෝ (MJ සහ නෙඩ්) ගෙ ජීවිතත් සම්පූර්ණයෙන්ම අවුල් වෙනවා. මිනිස්සු පීටර්ට වෛර කරනවා, එයාගේ යාළුවන්ට කොලේජ් යන්නවත් බැරි වෙනවා.
මේ ප්‍රශ්නෙට උත්තරයක් හොයාගෙන පීටර් දුවගෙන යන්නේ ඩොක්ටර් ස්ට්‍රේන්ජ් ළඟට. එයාගෙන් ඉල්ලනවා, “මට මොකක්හරි මන්ත්‍රයක් කරලා, ලෝකෙටම මම කවුද කියලා අමතක කරවන්න” කියලා.
ස්ට්‍රේන්ජ් ඒ වැඩේට ‘Spell’ එකක් දානවා. හැබැයි පීටර් ඒකත් අතරමඟදී අවුල් කරගන්නවා.
මෙන්න මේ අවුල නිසා වෙන්නේ භයානක දෙයක්. ‘Multiverse’ එකේ දොරවල් ඇරෙනවා. ඒ කියන්නේ, වෙන වෙන විශ්වවල ඉඳන්, “ස්පයිඩර් මෑන් කියන්නේ පීටර් පාකර්” කියලා දන්න පරණ සතුරෝ (Villains) ගොඩක් මේ ලෝකෙට එනවා.
Green Goblin, Dr. Octopus වගේ අය. ඉතින් පීටර්ට සිද්ධ වෙනවා එයා කවදාවත් දැකලවත් නැති මේ සතුරෝ එක්ක සටන් කරන්න. හැබැයි මේක එයා හිතනවට වඩා ලොකු, දරුණු සටනක් වෙනවා. එතනින් එහාට වෙන දේවල් නම් ෆිල්ම් එක බලලම තමයි දැනගන්න ඕනේ!
